Wednesday, March 28, 2012

යුතුකම

ඒඩිතර ලෙසින් දෙපයෙන් සිටගෙන ඉන්න
නිවැරදි දෙයට කවදත් අත ඔසවන්න
වැරදි දෙයක් දුටු විට හඩ නංවන්න
ඉපදුනු රටට යුතුකම ඉටුකරලන්න

රට වෙනුවෙන්ම සැමදා ඔබ වෙහෙසෙන්න
සිරිලක නගන්නට ඔබ සිත යොදවන්න
අප රට ගැනම මුළු ලොවටම හඩ නගන
සිරිලක් බිමෙ සිංහයකුන් ලෙස ඉන්න

අපෙ දෙයින් ඔබ ලොකය ජය ගන්න
අළුත් දෙයින් මෙ සිරිලක නංවන්න
ඒකමුතු කමෙ පාලම හරිහැටි හදන
සිරිලක් බිමෙ විරුවකු ලෙස නම් වන්න

Tuesday, March 27, 2012

මහනුවර

රට වට සිසිළස බෙද දුන්නා
මහ ගංගාවෙන් රැක දුන්නා
කදුකර අසිරිය ලොව දන්නා
මහනුවරයි දෙව් ලොව සමනා

දළදා සමිදුගෙ පිහිට ලැබෙවා
තව විරුවන් නුවරින් බිහිවෙවා
සිරිලක වෙනුවෙන් දෙවියො රකිත්වා
නිවැරදි පාලකයෙක් බිහිවෙවා

Thursday, March 22, 2012

සීගිරිය

මහ වන මැදින් ඒසවී අැති පර්වතය
කසුප් රජුන් ඉදිකළ රජ මන්දිරය
සිතුවම් පෙලත් ජල උයනත් මනහරය
මෙලෙසින් දිලෙයි ලොව සුපතල සීගිරිය

පින්සල් තුඩින් සුන්දර රුව මතු කරවා
හෙලයෙ කලා කරුවන් ලේකෙට කිව්වා
ජලමල් පෙලින් උයනක සිරි මතු කරවා
සීගිරි ගලත් ඉතිහාසෙට ඒක් කෙරුවා

Tuesday, March 20, 2012

Blog Cricket

අද ලිපිය හෙලයෙක්ගෙන් ලොවට බ්ලොග් ඒකෙන් යොජනා වූ ක්‍රීකට් තරගාවලිය ගැන දැන්වීමටයි.මෙයට ඒක් වීමට කැමති අය ඉන්නවනම් පහත ලිපිනයැති සයිටයෙන් ඒක්වන්න.
www.helayekgen.info

Friday, March 16, 2012

සැබෑ විරුවකු ගැන...

1948 දී අප මව් රටට ලැබුනු පරෙවි නිදහසින් පසුවද බටහිර ජාතීන්ගෙ අත තිබෙන රූකඩ වන් අපට ඒස්.මහින්ද හිමියන්ගෙ සමාජීය පණිවිඩ අදටත් අගනෙය.උන්වහන්සෙ අපවත් වී අදට වසර 61ක් වීම නිසාවෙන් උන්වහන්සෙගෙ කවි 2ක් ඉදිරිපත් කරමි.
   
සහන ලැබෙන තුරු ලංකාදීපයට
ගහන ගැහිලි හමුවෙහි සිහ වෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදරියට
මහණ කමත් බණ දහමත් ඒයයි මට

උපන්නෙ පුතෙක් වී උබ ලක් මවට
කරන්නට නොවෙද සෙවය අැගෙ නමට
ඉතින් ඒගැන නොතකා නිසිවක් නොකොට
මැරෙන්නට හිතන උබ පවිටෙකි නිවට


Monday, March 12, 2012

වඩුවාණනෙ,

බැතිබර පැතුම් උතුරා ගිය හදවතට
දස්කම් සපිරි ඉවසිලසමත් දෑතකට
දැඩිබව පිරුණු සුවිසල් පර්වත වලට
පුදුමයි හැකිවුණා බේසත් ගුණ දෙන්ට

සැබෑ බුදුන් නොදුටුව අැති සැම නෙතට
කරුණා ගුණෙ සිසිළස පුද කර ලන්ට
සැදැහැ සිතෙහි භක්තිය උතුරා යන්ට
කෙලෙසින් අාවෙ බුදුනගෙ රුව ගල් වලට

Thursday, March 8, 2012

නැවත අනුශූරතාවය

පලමු තරගය පැරදිලා අනෙ කඩුලු හතරෙන්
දෙවනි තරගය පැරදුනා අප ලකුණු පහකින්
තෙවනි තරගය නිමව තිබුනා ලකුණු සමයෙන්
හතර දින්නා හිතාගන්නට බැරිම විලසින්

පස්වැනිය ජයගෙන පනස් අටකින්
හයවැනිය දින්නා කඩුළු හතරෙන්
හත්වැනිය කෑවද නොහිතු විලසින්
අටවැනිය දින්නා ලකුණු නවයෙන්

කුලෙගෙ සටනත් අඩුව වැටුනා
දෙවනි අවසන් තරගෙ දිනුවා
තෙවනි තරගෙදි සිහින බිදුනා
ඩිලා සැමටම විරුව වූවා