Thursday, April 26, 2012

හෙළ පැදි සාහිත්‍යය

පද මිණි කැට අමුණා
කවි මාලය ගෙතුණා
හෙළ සාහිත ගෙල දැමුණා
ඒය තාලයකට දිලුණා

හෙළ ජන හද ගති කිව්වා
හැම තැන වරුණා කෙරුවා
උතුම් රටක් බව දන්වා
ජන හැගුමන් කවි වූවා

Sunday, April 22, 2012

වැඩකරුවෙක් පමණයි...

වැඩකරුවෙක් පමනයි වීරයෙකු නෙවෙයි
රටෙ ක්‍රිකට් නැතිනම් ඔහු බේක්කුව උඩයි
කොලෙට විතරයි රටෙ නම නෙවෙයි
ඒහෙට වෙලා හිටපන් මෙරට තොගෙ නෙමෙයි

ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂෙප කරයි...
  Sunday Times

Thursday, April 19, 2012

ජාතික සමගියෙ සළකුණ ඔබයි..

අප රට ගැන මුළු ලොවට කියාදුන්
රටෙ සමගියෙ අරුත කියාදුන්
ලොවෙ පිතිකරු සැවොම බයකරන්
අපෙ වැඩකරු මුරලිදරන්

පසුගිය 17 වන දිනට යෙදී තිබුනබ මුරලිදරන්ගෙ උපන් දිනය වෙනුවෙනි.

Saturday, April 14, 2012

රාවණා රජ

රණශූර බලවීර හෙළයෙ පියා
දුක කිමද පොත් වලට අමතක නියා
තුන් හෙළයෙ සැම හදක අැත ඔහු ලියා
සිහළුනි සිටගන්න ඔහු මග කියා

 වෙදකමට ඔබ ශූර බව දත් නිසා
දස බලය පිරි බවට ඔබ නම නිසා
ලොව ඒකළු කළ ඔබද අපගෙ නිසා
රජතුමනි යළි බලන අපරට දෙසා

Thursday, April 12, 2012

අවුරුදු පැතුම

සුදුස්සාට සුදුසුම තැන ලැබීයන්
සිරිලක පුරා සැම අටු කොටු පිරීයන්
දුප්පත් කමත් දින දින දුරුවී පලයන්
සිරිලක සිරිය දින දින අනෙ වැඩිවීයන්

20/20 කුසලානය හිමි වෙවා
ඔලිම්පිකෙ පදක්කමක් හිමි වෙවා
නිරොගි කමත් සිරිලක අපෙ පැතිරෙවා
ලොකය දිනන්නට නව දෙ බිහිවෙවා

අද්‍යාපනෙ සැම දොස් අනෙ දුරු වෙවා
අනාගතය වෙනුවෙන් ඒය සිදු වෙවා
ලොකය වටා සාමය අනෙ පැතිරෙවා
ඔබ සැම හට අවුරුද්දම ජයවෙවා
 

Tuesday, April 3, 2012

උල්පත් සිදිලා

ඒදා සුද්දන් වාසි බලලා
තෙ ගසින් කදුකරය වසලා
කරපු ගොවිතැන කාලෙ බලලා
වතුර උල්පත් සමග සිදිලා

මහා වනයම දිවිය වෙනුවෙන්
තෙ ද පයිනස් සල්ලි වෙනුවෙන්
දිවිය මොකටද සල්ලි යනුවෙන්
හඩන මිනිසුනි නැවත සිතපන්