Wednesday, August 29, 2012

ඇයි රට පස්සට අදින්නේ....

අපේ රටේ නම ලොවට කියන්නට
…අලුත් අලුත් දේ ලොවට බෙදන්නට
…අනාගතේ රට සරසාලන්නට
…වැරදි තීරනත් ඇයි ඒ සිසුනට

…ඇමති වරුන්ගේ මොල පෑදේවා
…නිවැරදි උගතුන් මෙහි බිහි වේවා
…අනාගතේ රට සුන්දර වේවා
…වෙච්ච වැරදි කිසි කලෙක නොවේවා

Wednesday, August 22, 2012

පරමනුවට මෙහෙම හිතෙයිද?

මගෙන් වැඩ අරගන්න සමහරුන් දගලනව
…මාගැන බලමින්ම සියවස්ද  ගෙව යනව
…මගෙන් ලොව වනසන්න තව අයත් වෙහෙසෙනව
…ලොවම බය කරගන්න අනේ මට සිදුවෙනව

…ලොවට හොදින් කරුනාවෙන් සලකන්න
…හැම දෙයකින්ම හොද ප්‍රතිපල වෙත යන්න
…රටට ලොවට විය යුතු දේ සලකන්න
…සරල ලෙසින් ඉන්නට සිතටම ගන්න

Wednesday, August 15, 2012

SLPL ඇරබුනා.....

රුහුනු රටේ වැඩ කාරයො වේගෙන් එනවා
…හිරු නැගෙන දෙසින් නාගයො මෙහි සටන් කරනවා
…උතුරු කරේ එන පන්දුව ඇබරී යනවා
…වයබ පිලෙත් අඩුවක් නෑ සටනට එනවා

…හිරු බසින දෙසේ තනි වැඩකරු සටනක් දෙනවා
…ඌවෙ එකෙක් ගහන පාර එලියට යනවා
…කඩුරට හේවායො සටන කරගෙන යනවා
…ඇරබුම නියමයි දිගටම කරගෙන යනවා

Wednesday, August 8, 2012

ගුරුතුමනි ඔබයි ලොව වෙනස් කරේ....

ගුරුතුමනි ඔබයි හොද නරක කිව්වේ
…ගුරුතුමනි ඔබයි සිප් සතර කිව්වේ
…ගුරුතුමනි ඔබයි මේ ලොවම මැව්වේ
…ලොවම ඔබදුන් දැනුම සෙව්වේ

…ලොවට රටට සේවය කල මිනිසුන්
…දැනුම ලබාගති ඔබ නම වෙනුවෙන්
…ලොවම ත්‍රස්ත කල ආයුධ වෙනුවෙන්
…දැනුම ලබා දුන්නෙද එක සිතකින්

Wednesday, August 1, 2012

ඔබ විරුවෙක්ද...?

නොහැක නොහැක ලෝකය අති සුවිසල්ය
…ජය යනු තරුවකින් ලැබෙනා වරමක්ය
…එලෙස සිතන ඔහු සැමදා එක තැනය
…ඔහුට ලැබුනු මනුසත් බව පල නැතිය

…වැටි වැටි නැගිට ඉදිරියටම පිය මනින
…බාධක හමුවෙ අළුතෙන් සිත වෙහෙසවන
…සුවිසල් ලොවට ඇසෙනා ලෙස හඩ නගන
…ඔහු හට හැකිය නොමැරෙන විරුවෙක් වෙන්න