Friday, October 12, 2012

අපේ ලෝකය....


…හිරුගෙ සිට තුන් වෙනුව පිහිටුන
…නීල කොල වර්නයෙන් බැබලුන
…සොදුරු බවනම් නිතර කියවුන
…අපේ ලොවමයි ජීවෙ නිවහන

…දියුනු බව ලොව කියපු මනුසත්
…බිහිවුනා ලොව සෑම දෙසකත්
…මොලය දියුනුය ඔවුන් කීවත්
…ඇත්ත ලෙස දියුනුවද සැක ඇත්

…බලය වෙනුවෙන් මරා ගන්නා
…ක්‍රෝධ වෙරය දසත හලනා
…සොබා දහමද වෙනස් කරනා
…මෙවන් මිනිසුන් කුමට උපනා

Monday, October 8, 2012

ඒකත් ඉවරයි


මුල සිටම ගැහුවා පහර
…එකක් පැරදී දිනුව නිතර
…දිනිය හැකි බව පෙන්ව මෙවර
…දෙවන තැන විය වරට හතර