Saturday, July 28, 2012

ක්‍රීඩාවේ අදුරුම දින දෙක...

ත්‍රස්තවාදය අන්තර්ජාතික ක්‍රීඩාපිටිය ආක්‍රමනය කල දින දෙක ගැන මතක් උනේ මහා ක්‍රීඩා සැනකෙලිය ඔලිම්පික් ඇරබුනු නිසයි....

…1972 මියුනික් ඔලිම්පික් - පලස්තීන ගරිල්ලන් විසින් ඊශ්‍රායල් ක්‍රීඩකයන් ඝාතනය කිරීම.ඊශ්‍රායලය හා පලස්තීනය අතර අර්බුද වල ප්‍රතිපලයකි.අද වන විටද ඊශ්‍රායලය සිදුකරන බොහෝ දේ අනුමත කල නොහැකි වූවද ක්‍රීඩාවත් දේශපාලනයත් දෙකක් බව තේරුම් ගත යුතුය....

…2009 ලාහෝර්- ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට පහර දීම.වාසනාවට ක්‍රීඩකයන්ට ජීවිත හානි නොවුනත් කිහිප දෙනෙක් ආබාද වලට ලක් වුනා.පකිස්තාන ආරක්ශක බටයන් පස් දෙනෙකු මිය ගියා.මෙයත් ත්‍රස්තවාදිය යනු ඔලමොට්ටලයෙකු බව පෙන්වන සිද්දියක්....

…ක්‍රීඩාවේ ජීව ගුනය සුරැකේවා.....
…මෙවන් විපත් පිටියක යලි නොම වේවා.....

Sunday, July 22, 2012

ලෝකය ඉවර වෙයිද....

මිනිසුන් මරා ගන්නව ලොව හැම තැනම
…තම වාසිය තකා කරනව හැමදේම
…ඇතිනම් ලොවම මේ ලෙසටම හැමදාම
…නැසෙනව හොදයි මනුසත් ගති නැති ලොවම

…සොබාදහම වෙත හරියට සලකන්න
…මනුසත් ගතිය මුලු ලොව තුල පතුරන්න
…භේද නොවී සැම එක්වී සිටගන්න
…අනාගතේ ලොකය සුන්දර වෙන්න 

Saturday, July 14, 2012

මට නැති ඡන්දය ගැන මට හිතෙන දේ ...

රටේ වසන බොහෝ දනා
…මවත් පියත් දුන් බැවිනා
…පාට පාට ගලපමිනා
…කතිරය දෙයි නොබලමිනා

…රටේ අනාගතය මොටද
…රටේ කෑලි කොහෙට යයිද
…ආර්තිකය හිට ගනීද
…ඡන්දෙට එය වැඩක් නැත්ද

Saturday, July 7, 2012

ගල් වඩුවානනේ ඔබ කොහිද ...

වඩුවානනේ ඔබ කල බුදු රුව මනරම්
…පුදුමයි ගලන්නැහැ මේ මුවගින් සදහම්
…දෑසින් පෙනෙයි මෙත් මුදිත ගුන මනරම්
…ඔබගේ නිවන මෙලෙසට වූවද කැටයම්

…සිංහල හාලෙ ශක්තිය මට දැනගන්න
…සංකල්පනා තුල බලයද පෙන්වන්න
…දහසක් වසට පෙර යුගයක මෙහි උන්න
…ඔබ හට හැකි වුනා අද මගෙ ගුරු වෙන්න

…ඉතිහාසයට අමතකදෝ ඔබේ නම
…කාලය සමග ලියවුනි ඒ රජුගෙ නම
…කෙලෙසින් ඔවුන් මග හැරියද හපන්කම
…පොතකට නොවේ හද තුලටම කියමි මම

…සිටින ලොවක සිට අද ඔබ අහගන්නේ
…සිරිලක් පොලවෙ අභිමානය රැව්දෙන්නේ
…ඔබගේ හපන්කම අභිමන් ගෙනදෙන්නේ
…පොතේ නැතත් හද තුල ඔබ සැමරෙන්නේ

වඩුවානන්ට මේ කවි පද ඇසුනානම්
…ඔහු දෙන පිලිතුරත් කෙලෙසද දන්නේ නම්

…දහසක් වසට පෙර යුගයක ලක උන්න
…මම වෙමි වඩුව නොකියමි තැන මා ඉන්න
…කල යුතු යුතුකමත් කෙරුවෙමි වෙත දෙරන
…මට නම් ඔඅනෙ නැහැ මගෙ නම ලියවන්න

…ඔබගෙ ගුරුත් මා නම් ඔබ අහගන්න
…සිංහල හාලෙ ශක්තිය ඔබ දැන ගන්න
…සංකල්පනා වල බලයෙන් වැඩ ගන්න
…ඔබේ නිවන ඔබ කැටයම් කර ගන්න

…ඔබ හට සුවය බුදුරුවකින් ලැබුනානම්
…සිරිලක නාමෙ මා හින්ද රැව්දේනම්
…ජන හද තුලට සංවර බව ගෙන ඒ නම්
…ඒ මට ඇතියි ඉටිහාසෙට අමතක නම්

…දේශෙට ලොවට විය යුතු දේ සලකන්න
…ඇගයුම ගැන එපා ඔබ සිත වෙහෙසන්න
…කාගෙත් සතුට වෙනුවෙන් ඔබ වෙහෙසෙන්න
…කොලයක නැතත් හදවත් තුල නොමැරෙන්න