…හිරුගෙ සිට තුන් වෙනුව පිහිටුන
…නීල කොල වර්නයෙන් බැබලුන
…සොදුරු බවනම් නිතර කියවුන
…අපේ ලොවමයි ජීවෙ නිවහන
…
…දියුනු බව ලොව කියපු මනුසත්
…බිහිවුනා ලොව සෑම දෙසකත්
…මොලය දියුනුය ඔවුන් කීවත්
…ඇත්ත ලෙස දියුනුවද සැක ඇත්
…
…බලය වෙනුවෙන් මරා ගන්නා
…ක්‍රෝධ වෙරය දසත හලනා
…සොබා දහමද වෙනස් කරනා
…මෙවන් මිනිසුන් කුමට උපනා