Friday, October 12, 2012

අපේ ලෝකය....


…හිරුගෙ සිට තුන් වෙනුව පිහිටුන
…නීල කොල වර්නයෙන් බැබලුන
…සොදුරු බවනම් නිතර කියවුන
…අපේ ලොවමයි ජීවෙ නිවහන

…දියුනු බව ලොව කියපු මනුසත්
…බිහිවුනා ලොව සෑම දෙසකත්
…මොලය දියුනුය ඔවුන් කීවත්
…ඇත්ත ලෙස දියුනුවද සැක ඇත්

…බලය වෙනුවෙන් මරා ගන්නා
…ක්‍රෝධ වෙරය දසත හලනා
…සොබා දහමද වෙනස් කරනා
…මෙවන් මිනිසුන් කුමට උපනා

4 comments:

  1. එනවලු ළඟදීම මහා ගල් ගෙඩියක්
    හැපෙන්නට අපේ ලොව තනා ආවාටයක්
    සොයා එන්නේ දුදනන් නොවේද දහසක්
    ඉතිං ඉමු අපි අසා බණක් දහමක්

    ReplyDelete
  2. ඔබ හරි.කවියකින් නම් අදහස් කියන්න බෑ.
    ඇත්තටම අපි මේ දියුණු යැයි කියාගන්නා,ශිෂ්ට යැයි කියාගන්නා සමාජයෙන් මොනවද අපේ ලෝකයට ලැබිලා තියෙන්නේ.කිසි දෙයක් නෑ.තිබ්බ ඒවා නැති වුනා මිසක්.මිනිසා විසින් මිනිසා විනාශ කරගනිමින් තමයි ඉන්නේ.

    ReplyDelete
  3. කියල වැඩක් නෑ අප්පා,,

    ReplyDelete