Saturday, January 14, 2012

ක්‍රිකට්


    අද 2012 ජනවාරි 14 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ඒක් දින තරගය.වෙනදනම් රටෙ හැම දෙනාගෙම කටෙ මෙහෙම දවසට අද මැච් ඒක කියන වදන රැදුන.ඒත් ඉතිහාසයෙ
ලංකාවෙ කණඩායම දැවුනු අඩුම ගනණට මොන මැච්ද? කියන වදන රැදෙන බව කියන්න
පුලුවන්.
    ඒ හින්ද අද ක්‍රිකට් ක්‍රීඩාව ගැන ලියන්න හිතුවෙ.ඉංග්‍රීසි අපෙ රටට පැමිණ දමා ගිය අායු-
දයක් වන ක්‍රිකට් ක්‍රීඩාව අපට හැකි දෙය ලොවට කිව්වා.ඒත් 2011 ලේක කුසලානෙන් පස්සෙ අපිව ඔසවා තියපු,අප ගැන ලොවට කියපු අපෙ ක්‍රිකට් වැටෙන්න ගත්ත.ටෙස්ට් තරගාවලි 4ක්,  ඒක් දින තරගාවලි 3ක් පැරදුන අපෙ කන්ඩායම 4වෙනි ඒක් දින තරගාවලියටත් අසාර්ථක අාරම්භයක් ගෙනාව.
    මං ක්‍රීඩකයන්ව සුද්ද කරනවා නෙවෙයි ඒත් ලොකු කාලෙකින් පඩි ලබපු නැති  කන්ඩායමක්
මෙහෙම ගැහුව අැති කියලත් හිතෙනව.මෙ  කන්ඩායමෙ IPL වරම් නැති  ක්‍රීඩකයොත් හුගක්
ඉන්නවා.ඔවුන්ට මූල්‍ය ගැටළු අැති.ඉතින් බලධාරීන් වගකීම ඉටු කරලද?
    මොනව උනත් අපි  අපෙ කන්ඩායමත් ඒක්ක ඉන්න ඔනෙ.ජයෙදි රතිඤ්ඤ දානව වගෙ පරාජෙදිත් ඒකට ඉන්න  ඔනෙ.සංග කවුඩ්රි දෙශනෙදි ‘National passion’ කියල කිව්ව ක්‍රිකට් ක්‍රීඩාව කොච්චර වැටුනත් අමතක කල යුතුදැයි ටිකක් හිතන්න.

                       අැත්තය සුද්දන් අප නැති                  කෙරුවා
                       කළු සුද්දන් උන් මෙහි අැති               කෙරුවා
                       අප රට හැමතැන  උන්                   වැනසෙව්වා
                        ඒත් උන්ගෙ අායුධ මෙහි                      තව්වා

                         අනූහයෙ හය ඉහලින්                        වැනුවා
                         පන්න පන්න අපෙ කොල්ලන්         පැලුවා
                         උන්ගෙම පිත්තෙන් උන් හම             ගැහුවා
                        සත්තය මුත්තට උන් දෙස්                   කිව්වා

2 comments: