Tuesday, April 3, 2012

උල්පත් සිදිලා

ඒදා සුද්දන් වාසි බලලා
තෙ ගසින් කදුකරය වසලා
කරපු ගොවිතැන කාලෙ බලලා
වතුර උල්පත් සමග සිදිලා

මහා වනයම දිවිය වෙනුවෙන්
තෙ ද පයිනස් සල්ලි වෙනුවෙන්
දිවිය මොකටද සල්ලි යනුවෙන්
හඩන මිනිසුනි නැවත සිතපන්

9 comments:

  1. සුද්දා වවපු තේ තමයි අදටත් අපි විකුණන්නේ..

    ReplyDelete
    Replies
    1. අැත්ත තෙ වලින් විශාල අාර්ථික ලාබ තියෙනවා..ඒත් ඒවා නිසා කදුකරයෙ කැලෑ ප්‍රදෙශ විනාශ වුනා..

      Delete
  2. ඒ කවියේ දෙපැත්තක් තියෙනවා.ආර්ථික පැත්තෙන් ලොකු වාසියක් තියෙන්නේ සුද්ද හඳුන්වා දුන්නු තේ වලින්.

    ReplyDelete
  3. දැනටත් තේ වගාව තියෙන වතු වලින් අපිට අදායම එන එක ඇත්ත...
    ඒත් තේ, කෝපි, සින්කෝනා වවන්න එළි පෙහෙළි කරපු කඳුකරයේ කඳු බහුතරයක් අද වෙනකොට කිසිම වගාවක් නැතුව මුඩු වෙලා ගිහින් තියෙනවා.
    එව්වයේ තියෙන්නේ මානා, ඉළුක් වගේ පඳුරු
    ඊට අමතරව පයිනස් ගස්, ඔය එකකින්වත් පසේ ජලය රඳා පවතින්න උදව් වෙන්නේ නැහැ
    පයිනස් නිසා පස හෝදගෙන ගිහින් අපේ ජලාශ ටික ගොඩවෙලා යනවා
    ඒ නිසා ඒ බිම්වල තිබ්බ වර්ගයේම වන වගාවක් කරන්න පුළුවන්නම් සුද්දගේ වගාවෙන් අපිට වෙන හානිය අවම කරගෙන රටට ලාබයක් ගන්න පුළුවන් වේවි....

    ඔය Word Verification කියන අට මගලේ අහක් කරන්න සහෝ...
    කමෙන්ට් එකක් දාන්න ගියාම පුදුම කට්ටක් කන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අැත්ත..

      ඔය අටමගල අයින් කරන හැටි තවම තෙරුම් ගන්න බෑ.ඒ හින්ද කන කට්ට ගැන සමාව ඉල්ලනවා.

      Delete
    2. මෙන්න මේ විදිහට කලාම ඒක අහක් කර ගන්න පුළුවන් වේවි...
      බ්ලොග් එකේ Settings වලට යන්න
      ඊට පස්සේ Comments වලට යන්න

      එතන පහලට බලාගෙන යන්න...
      Show word verification for comments? තියෙනවා
      දැන් ඔයාගේ බ්ලොග් එකේ එතන Yes කියල දාල ඇත්තේ, ඒක No කියලා හදන්න
      එච්චරයි....

      (හොඳට මතක තියාගන්න Settings වලට අදාලව තියෙන Comments කියන එකේ තමයි ඒක තියෙන්නේ, එහෙම නැතුව උඩින්ම තියෙන Comments කියන කොටසට අදාලව නෙමෙයි)

      Delete
    3. ආ... දැන් හරි නේද..
      උපදෙස් එක්ක කමෙන්ට් එක දාල බලද්දී වැඩේ ගොඩ දාගෙන... :)))

      Delete