Thursday, April 12, 2012

අවුරුදු පැතුම

සුදුස්සාට සුදුසුම තැන ලැබීයන්
සිරිලක පුරා සැම අටු කොටු පිරීයන්
දුප්පත් කමත් දින දින දුරුවී පලයන්
සිරිලක සිරිය දින දින අනෙ වැඩිවීයන්

20/20 කුසලානය හිමි වෙවා
ඔලිම්පිකෙ පදක්කමක් හිමි වෙවා
නිරොගි කමත් සිරිලක අපෙ පැතිරෙවා
ලොකය දිනන්නට නව දෙ බිහිවෙවා

අද්‍යාපනෙ සැම දොස් අනෙ දුරු වෙවා
අනාගතය වෙනුවෙන් ඒය සිදු වෙවා
ලොකය වටා සාමය අනෙ පැතිරෙවා
ඔබ සැම හට අවුරුද්දම ජයවෙවා
 

2 comments:

  1. "20/20 කුසලානය හිමි වෙවා"

    අන්න ඒකනම් හොද පැතුමක්.. සුභ අලුත් අවුරුද්දක් අයියේ..

    ReplyDelete
    Replies
    1. ඒ පැතම ඉටු වෙවි...සුභ අලුත් අවුරුද්දක්...

      Delete