Friday, May 25, 2012

ගිනි හා දුම්

ගින්නක් නැති කල දුමක් නගින්නැහැ
ගිනි දුම් නැති ලොව කොහොමද දන්නැහැ
බටයෙ වරදට ගිනි වරදක් නැහැ
වැටියෙ වරදට දුම වැඩකට නැහැ

ගිනි බටයෙන් මිලියන දිවි මැරෙනව
දුම් වැටියෙන් මිලියන දිවි ගෙවෙනව
ගිනි දුම් උඩ අද ලේකය දැවෙනව
දුම් ගිනි වැරදිව මිනිසුන් ගන්නව

10 comments:

  1. කිවුවේ මොකක් ගැනද කියල හරියටම තේරුනේ නැහැ වගේ.

    ReplyDelete
    Replies
    1. තුවක්කුවෙන්(ගිනි බටයෙන්)හා දුම් වැටියෙන් නැතිවෙන වටිනා ජීවිත ගැන...

      Delete
  2. ඔය අතරේ හිතේ ගිණ්දරින් කොච්චර මිනිස්සු ඉන්නවද?

    ReplyDelete
  3. වින කර උනත් සුවහසක් උරනවා
    දුම් වැටියෙන් යස බදු ගන්නවා
    ගිනි දුම් ගසා අයවැය පිරිමහනවා
    ගිනි යටකර අළු දුම් පුරනවා

    ReplyDelete
    Replies
    1. නිවැරදි පාලනයක් අැති වෙවා
      වැරදි දෙයට තැන නැති වෙවා

      Delete
  4. ටිකක් හිතන්න මාත් ආවාලු...:)
    ගිනි බටයකින් හා දුම් බටයකින් පහුගියකාලේ මිනිස්සු කිදාහකගේ හිතේ ගින්දර වැඩි වෙන්න ඇත්ද..?
    හුගක් වටිනා අදහසක්...:)
    ජය..!!
    දිගටම එන්නම් හොදේ...

    ReplyDelete
  5. ස්තූතියි..
    දිගටම ඒන්න...

    ReplyDelete
  6. ජීවිතේ නැති උනා වගේද.. රට කොරන්න සල්ලි එපැයි බං... ඒක නිසා අපිනං බොනවා...

    ReplyDelete
    Replies
    1. රට කරන්න දෙන සල්ලි ලෙඩ උනාම වියදං කරන්න වෙනවා...

      Delete