Saturday, July 7, 2012

ගල් වඩුවානනේ ඔබ කොහිද ...

වඩුවානනේ ඔබ කල බුදු රුව මනරම්
…පුදුමයි ගලන්නැහැ මේ මුවගින් සදහම්
…දෑසින් පෙනෙයි මෙත් මුදිත ගුන මනරම්
…ඔබගේ නිවන මෙලෙසට වූවද කැටයම්

…සිංහල හාලෙ ශක්තිය මට දැනගන්න
…සංකල්පනා තුල බලයද පෙන්වන්න
…දහසක් වසට පෙර යුගයක මෙහි උන්න
…ඔබ හට හැකි වුනා අද මගෙ ගුරු වෙන්න

…ඉතිහාසයට අමතකදෝ ඔබේ නම
…කාලය සමග ලියවුනි ඒ රජුගෙ නම
…කෙලෙසින් ඔවුන් මග හැරියද හපන්කම
…පොතකට නොවේ හද තුලටම කියමි මම

…සිටින ලොවක සිට අද ඔබ අහගන්නේ
…සිරිලක් පොලවෙ අභිමානය රැව්දෙන්නේ
…ඔබගේ හපන්කම අභිමන් ගෙනදෙන්නේ
…පොතේ නැතත් හද තුල ඔබ සැමරෙන්නේ

වඩුවානන්ට මේ කවි පද ඇසුනානම්
…ඔහු දෙන පිලිතුරත් කෙලෙසද දන්නේ නම්

…දහසක් වසට පෙර යුගයක ලක උන්න
…මම වෙමි වඩුව නොකියමි තැන මා ඉන්න
…කල යුතු යුතුකමත් කෙරුවෙමි වෙත දෙරන
…මට නම් ඔඅනෙ නැහැ මගෙ නම ලියවන්න

…ඔබගෙ ගුරුත් මා නම් ඔබ අහගන්න
…සිංහල හාලෙ ශක්තිය ඔබ දැන ගන්න
…සංකල්පනා වල බලයෙන් වැඩ ගන්න
…ඔබේ නිවන ඔබ කැටයම් කර ගන්න

…ඔබ හට සුවය බුදුරුවකින් ලැබුනානම්
…සිරිලක නාමෙ මා හින්ද රැව්දේනම්
…ජන හද තුලට සංවර බව ගෙන ඒ නම්
…ඒ මට ඇතියි ඉටිහාසෙට අමතක නම්

…දේශෙට ලොවට විය යුතු දේ සලකන්න
…ඇගයුම ගැන එපා ඔබ සිත වෙහෙසන්න
…කාගෙත් සතුට වෙනුවෙන් ඔබ වෙහෙසෙන්න
…කොලයක නැතත් හදවත් තුල නොමැරෙන්න

14 comments:

  1. පුදුම හැකියාවන් තිබ්බ මිනිස්සු ඒ කාලේ ඉදලා තියෙනවා නෙව.
    ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  2. අපූරුකවි සිතුවිලක්...

    ReplyDelete
  3. එදා තිබුණු හැකියාවට අද මොකද වුනේ.

    සිතුවිල්ල ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. පරපුර දිගේ එන්න නැතුව ඇති...
      …ස්තූතියි...

      Delete
  4. දැන් ආපසු ඒ ගැන හිතන්න කාලේ හරි ...

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒ ගැන සොයා යන්න ඕනෙ...

      Delete
  5. ලස්සනයි!

    ReplyDelete
  6. ඒ යෝධ මිනිස්සුන්ගේ කාලේ ඉවර වෙලානේ :(

    ReplyDelete