Saturday, July 14, 2012

මට නැති ඡන්දය ගැන මට හිතෙන දේ ...

රටේ වසන බොහෝ දනා
…මවත් පියත් දුන් බැවිනා
…පාට පාට ගලපමිනා
…කතිරය දෙයි නොබලමිනා

…රටේ අනාගතය මොටද
…රටේ කෑලි කොහෙට යයිද
…ආර්තිකය හිට ගනීද
…ඡන්දෙට එය වැඩක් නැත්ද

16 comments:

  1. …මවත් පියත් දුන් බැවිනා
    …පාට පාට ගලපමිනා
    …කතිරය දෙයි නොබලමිනා

    හරියට හරි. පෙර පුරුදු කරගෙන ආ පරිද්දටම ඡන්දෙ දෙන උන්නැහේල වැඩියි.

    ReplyDelete
    Replies
    1. මං නම් චන්දෙ දෙන්නේ නැහැ අනේ..:)

      Delete
    2. @ රාජ්:ඒක වෙනස් වුන දවසට නිවැරදි පාලනයක් එයි...

      Delete
    3. @ හිරුහිමාවි:එක අතකට ඒකත් හොදයි...තමං කලේ වැරදි පාලකයෙක් පත් කරපු එකට දායක වීම කියන දුක එතකොට නෑ...ඒත් හොද නායකයෙක් පත්වීමේදී තියෙන සතුටත් නෑ..

      Delete
  2. තමන් කැමති පක්ෂෙන් ගවයෙක් තරඟ කරන්න දැම්මොත් ඌටත් ජන්දේ දෙන ජන්ද දායකයෝ ඉන්න රටක කියල ලඟදි දවසක ප්‍රසිද්ධ හාමුදුරු නමක් කිවුවා.

    ReplyDelete
  3. මම නම් මින් මනත ඡන්දය දීමෙන් වැලකී සිටිමි.

    ReplyDelete
    Replies
    1. මට දැන් මේ යන ක්‍රියාකලාපය ගැන සෑහෙන්න කලකිරීමකින් ඉන්නේ.
      මේ දැන් යන ක්‍රමවේදය හන්දා මහජනයාට වෙච්ච සෙතේට වඩා මහජනයට වෙන අකරතැබ්බ වැඩියි. බඩුමිල ගෑස් මිල කිරිපිටි මිල බස් ගාස්තු අහස උසට !!!

      ලොකු ලොක්කන්ට ක්‍රිකට් තරඟ රගර් මැච් ෆැශන් ශෝ !!!
      පොඩි මනුස්සයාට බඩේ බත් ටිකවත් හරියට නෑ !

      Delete
    2. මමත් මීට කලින් තිබුන ඡන්ද 3කදීම ඡන්දය ක‍ටුගෑවෙමි...!

      Delete
    3. @ මධුරංග:ඇත්ත කතාව...
      …@ වී පොකුර : හිතට එකගව කරන්න හැකි එච්චරයි..

      Delete
  4. ගෙදර අය දෙන්නේ කාටද වඩා තමන්ට හිතෙන හොද කෙනාට දෙන්නයි ඕන..

    ReplyDelete
  5. ඡන්දය ඉල්ලන්න ගෙදරට එන එවුන් දැක්කාමත් මලපනිනව..!

    ReplyDelete
  6. දෙමාපියන් ගිය පාරේ
    අපිත් යනව ඒ පාරේ
    අපෙ රුධිරයේ පාට ඒයයි
    අපි දෙන්නෑ වෙන කාටත්
    ආර්ථිකේ කොහෙට ගියත්
    අනාගතේ මොනා උනත්
    අපේ මොකැ අපේ මොකැ
    කැපූවත් දෙන්නෑ අරුන්ට........

    ReplyDelete