Saturday, July 28, 2012

ක්‍රීඩාවේ අදුරුම දින දෙක...

ත්‍රස්තවාදය අන්තර්ජාතික ක්‍රීඩාපිටිය ආක්‍රමනය කල දින දෙක ගැන මතක් උනේ මහා ක්‍රීඩා සැනකෙලිය ඔලිම්පික් ඇරබුනු නිසයි....

…1972 මියුනික් ඔලිම්පික් - පලස්තීන ගරිල්ලන් විසින් ඊශ්‍රායල් ක්‍රීඩකයන් ඝාතනය කිරීම.ඊශ්‍රායලය හා පලස්තීනය අතර අර්බුද වල ප්‍රතිපලයකි.අද වන විටද ඊශ්‍රායලය සිදුකරන බොහෝ දේ අනුමත කල නොහැකි වූවද ක්‍රීඩාවත් දේශපාලනයත් දෙකක් බව තේරුම් ගත යුතුය....

…2009 ලාහෝර්- ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට පහර දීම.වාසනාවට ක්‍රීඩකයන්ට ජීවිත හානි නොවුනත් කිහිප දෙනෙක් ආබාද වලට ලක් වුනා.පකිස්තාන ආරක්ශක බටයන් පස් දෙනෙකු මිය ගියා.මෙයත් ත්‍රස්තවාදිය යනු ඔලමොට්ටලයෙකු බව පෙන්වන සිද්දියක්....

…ක්‍රීඩාවේ ජීව ගුනය සුරැකේවා.....
…මෙවන් විපත් පිටියක යලි නොම වේවා.....

14 comments:

  1. ඒ වගේමයි ක්‍රිඩාවේ ජීව ගුණයට වින කටින්න තවත් උදව්වක් වෙන්නේ සමහර දූෂිත නිලධාරීන් :(

    ReplyDelete
  2. හ්ම්ම්..මෙවන් විපත් පිටියක යලි නොම වේවා..

    ReplyDelete
  3. ත්‍රස්තවාදය ක්‍රීඩාව බිල්ලට නොගත යුතුය...

    ReplyDelete
  4. හසිත මලයගේ අදහසට 100% ක් එකඟ වෙනවා.
    ගොඩක් වෙලාවට ලංකාවේ ක්‍රීඩාවට නම් ඔය කියන දුෂිත පාලකයන්ගේ බලපෑම වැඩියි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලංකාවෙ ක්‍රීඩාව වනසන්නෙ පාලකයො...

      Delete
  5. ඇත්ත අවි නැතිව ක්‍රීඩාව විනාශ කරන්නේ දුෂිත පාලකයෝ.

    ReplyDelete
  6. ක්‍රීඩාව දේශපාලනයෙන් තොරවන තරමට....මෙවැනි ව්‍යසන අඩුයි..!

    ReplyDelete
    Replies
    1. ඔව්..1972 ව්‍යසනය පැහැදිලිවම දේශපාලනික හේතුවක් නිසා තමයි වුනේ...

      Delete
  7. ත්‍රස්තවාදයට හොඳම විසදුම ක්‍රිඩාව එක උන් දන්න නිසා තමයි ක්‍රිඩාව විනාශකරන්න උත්සහ ගන්නේ

    ReplyDelete