Wednesday, August 8, 2012

ගුරුතුමනි ඔබයි ලොව වෙනස් කරේ....

ගුරුතුමනි ඔබයි හොද නරක කිව්වේ
…ගුරුතුමනි ඔබයි සිප් සතර කිව්වේ
…ගුරුතුමනි ඔබයි මේ ලොවම මැව්වේ
…ලොවම ඔබදුන් දැනුම සෙව්වේ

…ලොවට රටට සේවය කල මිනිසුන්
…දැනුම ලබාගති ඔබ නම වෙනුවෙන්
…ලොවම ත්‍රස්ත කල ආයුධ වෙනුවෙන්
…දැනුම ලබා දුන්නෙද එක සිතකින්

18 comments:

  1. නමදිමු ගුරුවරු !!!
    ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  2. ලස්සන කවි පෙල මලයා..

    ReplyDelete
  3. ලස්සනයි හ්ම්ම්..:)

    ReplyDelete
  4. මහ ගුරුවරු පාරේ ..තාම ස්ට්‍රයික් නේද.....

    ReplyDelete
  5. දෙවිවරු වන් ගුරුවරු සිටියා පෙරකල..!!

    ReplyDelete
  6. සමහරු බෙදන්නේ පොත පත දැනුමම විතරයි
    තවත් සමහරෙක් ඉඳගෙන බොරුව කරයි
    ඉඳහිට අයට අප ඔවුනගේ දරුවෝ සමයි
    වඩා වටින්නේ දරුවන් යහමග යවන අයයි

    ReplyDelete
  7. අතිතයේ සිටම
    යහපත් ගුරුවරුද
    අයහපත් ගුරුහොරුද
    සිටියෝ වෙති
    යහපත් ගුරුන් යටතේ
    ශිල්ප උගත්තෝ
    පිං ඇත්තොම වෙති.

    ReplyDelete
  8. ලොව හැඩ කල ගුරු වරු.
    ලෝ වනසන ගුරුවරු.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ.... ඒ ගැන තමයි ලියුවෙ....

      Delete
  9. ගුරුවරු අතරේ ගුරුහොරුත් ඉන්න එක නොවැ හෙණේ

    ReplyDelete