Wednesday, August 15, 2012

SLPL ඇරබුනා.....

රුහුනු රටේ වැඩ කාරයො වේගෙන් එනවා
…හිරු නැගෙන දෙසින් නාගයො මෙහි සටන් කරනවා
…උතුරු කරේ එන පන්දුව ඇබරී යනවා
…වයබ පිලෙත් අඩුවක් නෑ සටනට එනවා

…හිරු බසින දෙසේ තනි වැඩකරු සටනක් දෙනවා
…ඌවෙ එකෙක් ගහන පාර එලියට යනවා
…කඩුරට හේවායො සටන කරගෙන යනවා
…ඇරබුම නියමයි දිගටම කරගෙන යනවා

20 comments:

  1. ඉඩ තිබුණොත් අරින්නෙ නෑ අපිත් බලනවා
    ගහන ගහන හැම පිලටම චියර් කරනවා
    මොනවා වුනත් අපේ කොල්ලො අපිට වටිනවා
    IPL වගේ නෙවෙයි කියලා කියනවා :-)
    එළ ජය!!

    ReplyDelete
  2. මට නම් එක තරඟයක්වත් බලන්ඩ හම්බ වෙලා නෑ.. නිවාඩු වෙලාවක බලන්ඩ ඕනා.

    ReplyDelete
    Replies
    1. බලන්න...තරගාවලිය හොදට යනවා.....

      Delete
  3. කවුරු දිනුවත් දැනෙන මැච් ටිකක් යනවා. හැම එකක්ම බලන්න ඕනේ.

    ReplyDelete
  4. මටත් තාම බලන්න උනේ නෑ එකක්වත් හරියට..

    ReplyDelete
    Replies
    1. ඇයි...බලන්න හොද තරගාවලියක්.....

      Delete
  5. මමත් බලා නැත :(

    ReplyDelete
  6. මේ මොනාද මෙ ගොල්ලො මතන කියන්නේ
    …හැමදාමත් මැච් එක එකෙකුට පරදින්නේ
    …ඉතින් කොහොම අපි හැමෝම චියර් කරන්නේ
    …හැකිනම් කුඩයක් පිටියට අල්ලාපන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් ලෙඩක් තමයි...

      Delete
  7. පෝසට් එකේ කවි වගෙම ලසස්නයි නේ කමෙන්ට්වල තියෙන ඒවා.දට නම් කවි ලියන්න තේරෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි....කවි ලියන්න අමාරු නෑ...

      Delete
  8. අපේ නවක කොල්ලන් හට මග එලිවෙනවා
    පරණ අලුත් ක්‍රිඩකයන් පිටියට එනවා
    ග්‍රවුන්ඩ් එකෙන් එලියෙ ඉඳන් අපි නරබනවා
    ක්‍රිකට වලට නව එලියක් හෙට පායනවා

    ReplyDelete
    Replies
    1. නොහිතු නොහිතු ක්‍රීඩකයන් වැඩ පෙන්නනවා
      …20 20 තරග මෙහෙත් නැගලා යනවා..

      Delete
  9. හිරු අවරට යනවා
    මැච් එක එලි වෙනවා
    ගෑනු ටිකක් නටනවා
    අපිත් කට ඇරන් බලන්වා


    ජය වේවා අපේ කොල්ලන්ට

    ReplyDelete
  10. ෆෝන් එකට එන මැසේජස් නිසා ඇරෙන්න මම නම් මේ ගැන උනන්දුවක් ඇත්තේම නැහැ

    ReplyDelete