Sunday, September 2, 2012

ඔහු වැරදිද?

කෙලෙස කියමි මම මුදලක් භූමියට
…මට තනි අයිතිය නැති මේ සිසිලසට
…අප දිවි රැකදුන් ගංගාවේ හඩට
…මුදලක් ගනු බෑ හිත් පිත් ඇති මෙමට

…මවක් සේම භූමිය අප රැක දෙනවා
…සොබාදහමෙ අප මිනිසුන් රැදවෙනවා
…සොබාදමට කරනා දෙය කැරකෙනවා
…වනසන්න එපා ලොව එය ඔබ විදවනවා

18 comments:

  1. ඒක හරි...
    සොබාදහම විනාශ කලොත් ඒකේ පාඩුවත් අපටමයි !!!

    ReplyDelete
  2. එයාට තෙරුන තරම් දැන් ඉන්න ගොන් හැත්තට තෙරෙන්නෙ නෑ බන්

    ReplyDelete
    Replies
    1. බලය පස්සෙ දුවන දැන් ඉන්න උන්ට තේරෙන්නෙ නැති එක තමයි අවාසනාව....

      Delete
  3. හ්ම්ම්..හිතන්න යමක්.... :)

    ReplyDelete
  4. වනසන්නෙපා ලොව් එය ඔබ විඳවනවා

    ලෝක විනාසේ ....

    ReplyDelete
  5. ඇත්ත.ස්වභාවධර්මයට කරන සෑම විනාශකාරි ක්‍රියාවක් අවසන් ප්‍රථිපලය භුක්ති විදින්නේ මිනිසාමයි.දැන් පරිසරයේ විනාශය නවත්වන්න පරක්කු වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඔව්..මටත් හිතෙනව පරක්කු වැඩි ඇති කියල...

      Delete
  6. බලය ඇති අය කරන විනාශයට පුංචි අයත් විඳවන්න වෙන එක තමයි දුක......

    ReplyDelete
  7. ඔච්චර කරුණාවෙන් කියල ඕක තේරෙන්නේ නැහැ අපේ මිනිස්සුන්ට

    ReplyDelete
  8. ඔහු ශ්‍රේෂ්ඨයෙක් දියුණු යැයි කියා ගන්නා බොහෝ මිනිසුන්ට වඩා.

    ReplyDelete