Friday, September 14, 2012

පසු බසිනු එපා...

පලමුවම මවුබිමේ සරනයි
සෑම පැතුමන් වලම පිහිටයි
අපව දන්නා අපේ පොලවයි
අපේ කොල්ලන් හටම ජය දෙයි

පසු බසිනු එපා
නවතන්න එපා
ඉදිරියක් සිතා
යලි හැරෙනු එපා

ලොවට උතුම් සිරිලකයි
ඒ ඔබේ මවු බිමයි
අප සැමට හිමි අපෙ රටයි
ඒ ඔබේ මවු බිමයි

.

සිරිලක් ලේ වල ශක්තිය පෙන්නා
උපතින් ගෙන ආ දස්කම් දක්වා
දිනනුමැන ලොව අපෙ හැටි පෙන්නා
දස්කම් විස්කම් සැමවිට දක්වා





පන්දුව පිත්තෙන් දස්කම් දක්වා
සිරිලක් විරුවන් මේ ලොව දිනනා
සිංහයන් සේ ජයනද නගනා
දිනයක් වෙනුවෙන් අප සෙත් පැතුවා



එකෙක් ලෙස අප සවොම සිටගමු
හදේ රිද්මය එකට දන්වමු
ලොවට අප ගැන කියා දෙන්නෙමු
විස්ස විස්සෙන් ලොවම ජයගමු

12 comments:

  1. හිතුවොත් බැරි දෙයක් නැහැ!
    ඔබට ජය.

    ReplyDelete
  2. විස්සෙන් විස්සට ජය පතමු !!!

    ReplyDelete
  3. අපි හැමෝගෙම පැතුම ඕක..

    ReplyDelete
  4. මගේ පැතුම ඕවර 20ම බලාගන්න පුළුවන් තරගාවලියක්. වැස්ස තමයි අවුල.

    ReplyDelete
    Replies
    1. ඔව්...වැස්සෙන් කරදරයක් නොවෙන්න කියල පතමු...

      Delete
  5. පෝස්ට් එක මග හැරුන මචං..!
    මමත් ජය පතනව...!

    ReplyDelete
  6. අවුලක් නෑ..
    …ඔව් හැමෝම ජය පතමු...

    ReplyDelete