Saturday, September 8, 2012

ඔහු විරුවෙක්

සිතේ සවිබල පයට බෙදුවා
…ජයග්‍රහනය බලා දිව්වා
…රටක් වෙනුවෙන් තැනක් දිනුවා
…රටේ නාමය ලොවට කියුවා

…අතක් දුන්නෙත් රටම වෙනුවෙනි
…දෙපයෙ ශක්තිය රටේ නාමෙනි
…රටක් වෙනුවෙන් සතුට ගෙන දුනි
…සදා  නොමැකෙන වීරයෙක් වුනි 

22 comments:

  1. අත පය ඇති අපට කරන්න බැරි දේයක් ඔහු කරා.

    ReplyDelete
  2. අපේ උණුසුම් සුබ පැතුම් ...!!!!

    ReplyDelete
  3. මේ වගේ විරුවන්ට අපි සුබ පතන්ඩ ඕනා...
    එපාම කරපු පාලකයන්ට වඩා මේ වහේ අය රටට සම්පතක් !!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මොවුන් රටට සම්පතක්....

      Delete
  4. සැබෑ දක්ෂයෙක්.. සැබෑ වීරයෙක්. ඒ වගේම කවියත් නියමයි.. !!

    ReplyDelete
  5. ඇත්තටම ඔහු ලංකාවට ආඩම්බරයක්..

    ReplyDelete
  6. අගය කල යුත්තන් අගය කල යුතුය..

    ReplyDelete
  7. අනිවා.....අපේ හද පතුලෙන්ම නැගෙන උත්තමාචාරය!!!

    ReplyDelete
    Replies
    1. ඔව්....ඔහු උත්තමාචාරය ලැබිය යුත්තෙක්...

      Delete
  8. ඔව් මචං උපහාරය පුදකරමි..!
    ඌ ගැන කිසි කතාවක් නෑ...චන්දෙ කොච්චර ලොකුයිද..!

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඔහු ලංකා ඉතිහාසයේ විශිශ්ටම ක්‍රීඩකයෙක් කියල ගොඩක් අයට තේරිලා නෑ...

      Delete
  9. නොනවතින වීරත්වය
    අගෙයි උපහාරය !

    ReplyDelete
  10. සුබ පැතුම් මගෙනුත්

    ReplyDelete
    Replies
    1. අපි හැමෝගෙම සුබ පැතූම් ලැබිය යුත්තෙක් තමයි...

      Delete
  11. යෞවනයේ මේ සගයා - අපෙන් එකෙකි මේ මිනිසා

    සුභ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම වෙනුවෙන් සටන් කල....රට වෙනුවෙන් ලොව දින්න අපේ එකෙක්ම තමයි....

      Delete