Saturday, January 21, 2012

කාවන්තිස්ස රජ

ඉතිහාසයට අමතක ඔහු ගැන ටිකක් හිතන්න..

ඉවසමන් නිසි කාලෙ ඒනතුරු ඔබත් සෙනා රැස්            කරා
හදිසි ඉල්ලිම් පුතුගෙ ඉවතට සැබෑ ලෙස ඔබ විසි           කරා
පියෙකු ලෙස මහ රජෙකු ලෙස ඔබ මිනිස් දිවියත් සරු  කරා
ඔබට හිමි තැන ලැබුනෙ නැහැ මුළු සිහළ ඉතිහාසය      පුරා

හදිසි වී සටනකට යනු අැයි දෙපැත්තෙම ජනයා         මරා
ඉවසුමෙන් රට ගැන සිතා ඔබ රටක් වෙනුවෙන් වැඩ  කරා
ජාතියෙ උපහාර නොලැබුන ඔබත් විරුවෙකි රට       පුරා
ජාතියෙ පියතුමානෙනි මම ඔබට කුසුමක් පුද             කරා

6 comments:

  1. සිරා කවිටික..ඇත්තටම දෙයක් හිතන්න තියෙනවා.

    ReplyDelete
  2. අපිට හිතන්න පුරුදු කරලා තියෙන විදිහට වැඩිය මේ විදිහ තමයි හරි...
    හොඳ තේරුමක් ඇති කවි පන්තියක්

    ReplyDelete
  3. අනිවාර්යයෙන්ම එළාර පැරදවීමේ සටනේ වැඩි ගෞරවය හිමිවෙන්න ඕනේ කාවන්තිස්ස රජතුමාට.

    ඒ වගේමයි දුටුගැමුණු රජතුමා අසහාය වීරයෙක් විදිහට සැලකුවත් මම හිතන විදිහට ඒ ගෞරවය හිමිවෙන්න ඕනේ මහා විජයබාහු රජතුමාට....

    එතුමාට දුටුගැමුණු රජතුමාට තරම් සහයක් පියාගෙන් වත් වෙන කාගෙන්වත් ලැබුණේත් නැතුව තමා මුළු චෝල අධිරාජ්‍යයකට එරෙහිව සටන් කරලා ජයගත්තේ

    ReplyDelete
    Replies
    1. ඔබෙ අදහස් සමග ඒකග වෙමි...

      Delete