Thursday, February 2, 2012

සිරි සුමගල හිමි

නිදහස නැති වූ දින සිහනද නැගූ හිමි නම......

අප රට නමටම සිහනද විලසින්
කුමරෙකු ඉපදුනි සිරිලක වෙනුවෙන්
ශාසන රැකුමට පැවිදිව ඉදිමින්
අමතක නැත ඔබ පෑ ඒ විකුමන්

මෙ සිරිලක අපගෙ යැයි ගයමින්
කාටවත්ම නොදෙනා බව කියමින්
සැබෑ සිහළෙකුන් ලෙසකට සිතමින්
අා ඒ හිමි නම සැම දින නමදින්

සුද්දන් පුදුමෙන් තවමත් වෙව්ලයි
ඒංගලන්තෙ කොඩි පහලට පැමිනෙයි
අප රට තවමත් තොපට හිම් නැතැයි
මොහොතින් සිහ කොඩියක් ඒහි ලෙලදෙයි

හමුදාවල් මුර බටයන් අතරින්
තුවක්කු අතරින් ඒඩිතර විලසින්
සිංහයකු සෙ පෙරටම අැවිදින්
නැගු ඒ හඩ තවමත් නැත අවසන්

සිරි සුමගල නම සිරිලක රන්දා
ශාසනෙ රැකුමට තම දිවි බන්දා
දළදා හිමියන් සැගවූ හින්දා
අප රට දිනුමට උන් හට බාදා

සුද්දගෙ නඩුවෙන් පැරදුනු ඔබ හට
දුක නෑ සිරබත වෙනුවැන් අප රට
හිමියනි අසනුය සිටින ලොවක සිට
අමතක නැත ඔබ විරුවෙකි මෙ රට

ඔබ නැගු ඒ හඩ අද නැගුනෙ නැත
රට වෙනුවෙන් හඩ නගන කෙනෙකු නැත
අප තවමත් රූකඩ වෙයි උන් අත
හිමියනි නැවතත් වඩින්න මිහිමත

2 comments:

  1. "හිමියනි වඩ්න්න මිහිමත".අද කාලේට ඔබින කවියක්.

    ReplyDelete