Friday, May 18, 2012

යුද්ධය නිමා විය!

තිස් වසරක් තිබිණි මගෙ රට කදුලින් නැහැවී
උතුරෙ බලය අධමයෙතුන් අතපත්වී
දිවයින පුරා ජනයා සිටියෙ බියවී
ත්‍රස්තය නිසා වටිනා ජීවිත නැතිවී

මුළු රට පුරා යුද ගිනිදැල් පැතිරෙනවා
වටිනා කියන ජීවිත හෙම නැතිවෙනවා
මරුවට බයෙ මිනිසුන් ජීවත් වෙනවා
මෙහි අවසානෙ සොරොව්වකින් අැරදෙනවා

මාවිල්අාරුවෙන් ගමනක් අරඹනවා
නන්දිකඩාල් අවසානෙට නම් වෙනවා
විරුවන් දිවිපුදා සිරිලක රැක දෙනවා
යුද්ධය නිමා වී සාමය යලි ඒනවා

4 comments:

  1. ලස්සන නිර්මාණයක්. යුද්දේ ගැන කෙටියෙන්.

    ReplyDelete
  2. අමතක කල නොහැකි අතීතයක්..

    ReplyDelete