Saturday, May 12, 2012

කොස් ගස නාකිද?

දෙනේ දහකට සෙවණ සැදුවා
බොහේ දෙනෙකුට ඵලය බෙදුවා
කොස් පොලොස් වරකාද කෑවා
දැන් ඵලක් නෑ ලී වලට ඉරුවා

පොරව කියතෙ හඩක් නැගුනා
ගසෙ කෙදිරිලි හඩද මැකුණා
කුරුළු රෑනෙන් මල බෙරය වැයුනා
අප නොදත් දෙ උන්ට දැනුනා

10 comments:

  1. අපිට මෙච්චර කල් හිතුනෙ නැහැනේ පට්ටයි ඈ

    ReplyDelete
  2. හමි... ඇත්තමයි

    ReplyDelete
  3. බත් නැති මිනිසුන්ගේ බත් ගහ කියන්නේ මේ කොස් ගහට නේ.

    ReplyDelete
  4. පොල් ගස වගේම අපිට වැදගත් වෙන ගහක්නේ මේ කොස් ගහත්..

    ReplyDelete
    Replies
    1. ඔව් කොස් පොල් ගස් දෙකම හරි වැදගත්...

      Delete
  5. පදපේලි අටකින් ගැඹුරු විමසුමක් කර ඇති අන්දම ලස්සනයි.

    (අන්තිම පේලියේ මුල් පදය අප හැටියට නිවැරදි කරන්න)

    ReplyDelete