Wednesday, March 28, 2012

යුතුකම

ඒඩිතර ලෙසින් දෙපයෙන් සිටගෙන ඉන්න
නිවැරදි දෙයට කවදත් අත ඔසවන්න
වැරදි දෙයක් දුටු විට හඩ නංවන්න
ඉපදුනු රටට යුතුකම ඉටුකරලන්න

රට වෙනුවෙන්ම සැමදා ඔබ වෙහෙසෙන්න
සිරිලක නගන්නට ඔබ සිත යොදවන්න
අප රට ගැනම මුළු ලොවටම හඩ නගන
සිරිලක් බිමෙ සිංහයකුන් ලෙස ඉන්න

අපෙ දෙයින් ඔබ ලොකය ජය ගන්න
අළුත් දෙයින් මෙ සිරිලක නංවන්න
ඒකමුතු කමෙ පාලම හරිහැටි හදන
සිරිලක් බිමෙ විරුවකු ලෙස නම් වන්න

6 comments:

  1. කවුරු කොහොම කිව්වත්, මොන මොන අඩුපාඩු කිව්වත්, මටනම් මගේ රට තමයි අංක එක...
    අපිටත් රට වෙනුවෙන් කරන්න වැඩ කොටසක් තියෙනවා
    කවුරුහරි ගෙනත් දෙනකම් හරි නිකං කරලා දෙනකල් හරි ඉන්නේ නැතුව ටිකෙන් ටික දියුණු වෙන්න මගවල් අපිම හදා ගන්නවා කියන්නේ ඒකෙ වාසිය රටටත් තියෙනවා....
    අනුන්ගේ කොටස ගැන හිතන්නේ නැතුව තමන්ගේ කොටසවත් කරමු කියන මතයේ තමයි මම ඉන්නේ...

    ReplyDelete
  2. ලංකාව තරම් ලස්සන වටින රටක් වෙන ලෝකේ කොහේවත් නෑ.. ලංකාව අතුලෙදි ඒක වැඩිය නොදැනුනාට ලංකාවෙන් පිට උද්දී ඒක් හොදට තේරෙනවා..

    ලස්සන කවි පෙලක් අයියේ..

    ReplyDelete
  3. අපිට රට වෙනුවෙන් කොච්චර දෙයක් කරන්න තියේද?ඇත්තටම අපි ඒ යුතුකම් වලින් භාගයක්වත් කරලා නැහැ නේ.

    ReplyDelete