Saturday, June 2, 2012

අප බාර ද්‍රොහියෙක්ටද?

රාම රාවණ යුද්දය
පාවා දුන්නෙ ඔහුමය
ඔහුට රට බාරය
කියන උං අනෙ මේඩය

ඉතිහාසය පුරාවට
පාවාදුන්න මව් රට
මෙහෙම අය සිටි විට
අනෙ නැගෙවිද අපෙ මව් රට

32 comments:

  1. පාවා දෙන්නම් කවදාවත් නැති කල නොහැක එත් අඩු කල හැක..

    ReplyDelete
  2. පාවා දෙන්නෝ ඉතිහාසෙත් හිටියා අදත් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. අැත්ත..වැඩියෙන්ම ලංකාවෙ...

      Delete
    2. ඔවු, මෝඩ රජවරු හිරගත කරලා හිටපු පාවාදෙන්නො නිදහස් කරලත් තියෙනවා..

      Delete
  3. විභීෂණ යුක්තිය ගරු කළ කෙනෙක්. තමාගේ සහෝදරයා වැරදි නිසයි එයා යුක්ති ගරුක කට්ටිය එක්ක එකතු වුණේ. ඒක නිසාලුනේ එයා දේවත්වයට පත්වුණේ. අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. රාවණා රජුට අයත් ප්‍රදෙශයක් පාලනය කල ඔහුගෙ නැගනියට වූ අසාධාරණයකට රාවණා රජු ගත් පියවරකින් මෙම යුද්දය අැරඹුනු බව ජනප්‍රවාදයෙ තිබෙනවා.ඒබැවින් රාවණ රජු වැරදි කාරයකු බව කිව නොහැකියි.

      Delete
    2. ඇත්ත .. රාවණා සීතව පැහැරගෙන ආවේ රාමගෙන් පලිගන්න .. සුපර්ණිකාගෙ නහය කපපු එකට....

      විභීෂණ ධාර්මික රජකෙනෙක් වෙන්න ඇති.... නමුත් සහෝදරය මැරුණහම රජවෙන්නේ තමන් බව දන්න විභීෂණ රජකමත කෑදරකමේ රාමට උදව්කලා වෙන්න බැරිද

      Delete
    3. කමෙන්ට් එක අනේ මන්දා කියලා අවසන් කළේ ඒක නිසා තමා......

      තමන්ගේ නැගණියට වුණු අසාධාරණේට පළිගන්න තමාගේ සතුරා එක්ක මුහුණට මුහුණ සෘජුව සටන් කරන්නේ නැතුව එයාගේ බිරිඳව උස්සන් ආපු එක අනුමත කරන්න පුලුවන් දෙයක්ද කියන එක මට තියෙන ගැටළුවක්......

      Delete
    4. @Mee Godayaa:මටත් තියන ගැටළුව බල තණ්හාව තිබ්බ,ද්‍රොහියෙක් දෙවියෙක් උනෙ කොහොමද කියන ඒකයි...

      @Hasitha:සතුරාව තමා ලගට ගෙන්වා ගැනීමට යෙදූ උපක්‍රමයක්ද දන්නෑ...

      Delete
    5. ඔව් එහෙම ගන්නත් පුලුවන්. ඒත් රාවණ අවංක යුක්ති ගරුක කෙනෙක් නම් එවැනි උපායකට නොයා යුතු බවයි මගේ හැඟීම. ඒ වගේමයි රාවණා සතුව විශාල බලයක් පැවතියා නම් ද ඒ ආකාරයේ උපායකට නොයා යුතු බවයි මගේ හැඟීම

      Delete
    6. ඔබෙ අදහස සමග ඒකගයි...ඒත් ප්‍රතිවාදියාත් යුක්ති ගරුකද?

      Delete
    7. මම රාමගේ පැත්ත කතා කළේ නැහැනේ. මම කතා කළේ රාවණාගේ පැත්ත විතරයි.

      කෞටිල්‍ය දක්වන විදිහට රජෙක් තමන්ගේ පාලන කටයුතු කරන්න භාවිතා කරන උපාය 4 ක් දක්වනව.
      සාම - මිත්‍රත්වය
      දාන - ත්‍යාග ලබාදීම
      භේද - අසමඟි කරවීම
      දණ්ඩ - දඬුවම්/ ආක්‍රමණ

      මේ ක්‍රම රාවණාත් භාවිතා කරපු බවයි පේන්නේ. එහෙම බලද්දී බොහෝ දෙනා කතා කරන තරම් යුක්ති සහගත බවක් නොව අවස්ථාවාදී බවක් තමා රාවණාගෙන් පෙන්නුම් කරන්නේ.....

      එතකොට කාගේ කාගේත් කිල්ලෝටවල හුණු පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා කියන කතාව හරි

      Delete
    8. නැගණියගේ නාසය කපපු එකේ පලිය ගන්න රාවණා ගියාම රාම, ලක්ෂ්මණ අයිය මලෝ දෙන්නා සීතාව දාලා පලා ගියාය කියලනේ කියන්නේ... ඒ පාර තමා රාවණා සීතාව උස්සගෙන ඇවිත් තියෙන්නේ !!!

      Delete
    9. @Hasitha:අැත්ත කාගෙ කාගෙත් කිල්ලේට වල හුණු තියෙනවා...
      @chathuranga:වැදගත් කරුණක්...

      Delete
    10. @ Chathuranga Perera

      ඒ කතාව නම් මම අදමයි ඇහුවේ. ස්තුති මිත්‍රයා ඒක කිව්වට. ඒත් මම මුලින් කිව්ව කතාව එහෙමමනේ.

      එහෙම දාලා ගියත් යුක්තිගරුක සාධාරන රාවණා මොකටද අනුන්ගේ ගෑණියෙක් උස්සගෙන එන්නේ ?

      Delete
    11. මෙම ලිපියෙන් මම උත්සහ කලෙ රාවණා රජු 100%ක් නිවැරදි බව කීමට නොවෙයි,ද්‍රේහියෙක් දෙවියෙක් උනෙ අැයි කියන ඒක අහන්නයි....අනෙක රාමායනය සැබෑ ඉතිහාසය තරමක් හේ විකෘති කල ග්‍රන්තයක් වෙන්න බැරිද?

      Delete
    12. රාමයණ සත්‍ය ග්‍රන්ථයක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඒ වගේමයි විභීෂණ ද්‍රෝහියෙක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්

      Delete
    13. රාමායනය නැත්නම් විභීෂණද නැත.ඒ අනුව පෙනෙන්නෙ ඒක්කො විභීෂණ සිට නැහැ නැත්නම් ද්‍රේහියකු බවයි...

      Delete
    14. රාමායණය නැත්නම් විභීෂණද නැත කියන එක ගැන නම් ටිකක් හිතලා බලන්න ඕනේ සහෝ. රාවණා ගැන කතා කරන, අදහස් දක්වන අය කියනවා නේද වරිගපූර්ණිකාව කියලා රාවණා ගැන තියෙන පොතක් ගැන. සමහර විට ඒකේ විභීෂණ ගැන ඇති

      Delete
    15. මෙම මාතෘකාව පිලිබදව සෙවීම අරබා මාස 3ක් පමණ බැවින් මාගෙ දැනුම මද බව පිලිගනිමි...ශ්‍රී ලංකාව බාර බව කියන්නෙ ද්‍රේහියෙක් යැයි සිතිය හැකි අයෙකුට නොවෙදැයි මට සිතෙන බැවින් ලිපිය ලීවෙමි...

      Delete
    16. අපි හොයමු සහෝ. කවුරු හරි මේවා හොයන්න එපැයි :)

      Delete
  4. මෙහෙම උන් ඉන්නකන්....
    හැදේවිද අපේ රට..

    ReplyDelete
  5. මම නම් කිසිම දෙවි කෙනෙක්ට භාර වෙන්නේ නෑ , ඒ නිසා කොයි එකාත් එකයි . මට තියන ප්‍රශ්නේ ඔය රාම රාවණ කථාව ඇත්තක්මය කියල පිලිගන්නේ ඇයි කියන එක . ඔය චරිත සහ සිදුවීම් අපිට මුණගැහෙන්න වාල්මිකී ගේ පොතෙන් නෙව, කව්ද දන්නේ පොර මලක් ඇදල හිටපු වෙලාවක ලියපු බහුභූතයක්ද කියලා . පොර කොහොමටත් පොත ලියන්න කලින් මං පහරන්නෙක්ය කියලයි කියන්නේ . මම නම් මට තාර්කිකයි කියලා හිතෙන සාධක දකින කන් (එක එක්කෙනා ලියපු ලිපි හෝ පොත් ඇර ) රාම රාවණ ඩබලම මිත්‍යා කථා චරිත විදිහට තමයි දකින්නේ , මොකද ඔය සබ්ජෙක්ට් එක ගැන බොහොම ආසාවෙන් හදාරපු කාලේ දැනිච්ච දෙයක් තමයි බොහොමයක් දේවල් ඒක එක්කෙනාගේ මතවාදයන් අනුව හැඩගස්වපු ඒවාය කියන එක

    කොහොම වුනත් සීන් එක ඇත්ත නම් විභීෂනට වදින එක චාටර් වැඩක් !

    ReplyDelete
    Replies
    1. පොත විතරක් නෙවෙයි ජනප්‍රවාද හා විවද විද්වතුන්ගෙ තර්ක පදනම් කරගෙනයි මම මෙ කතාව බැහැර නොකරන්නෙ...

      Delete
  6. ලස්සන කවි සිතුවිල්ලක් !!!

    ReplyDelete