Sunday, September 30, 2012

ජීවය එයයි ...

ගහපු පාරක් මුහුනෙ වැදුනා
වැදුනු පාරට ලේත් ගැලුනා
කුමක් වූයෙද කියා ඇසුනා
"අනේ මට එය ගිලිහි වැටුනා"

…නැවත පන්දුව අතට ගත්තා
…"අකිල" කියමින් හඩක් නැගුනා
 නැවත එලෙසම පන්දු යැව්වා
…ඕනෙ විටදී කඩුලු ගත්තා

Sunday, September 23, 2012

සොබා දහම වෙනස් වුනා...

නියම කලට වැසි වස්සා සරු කෙරුනා
…එකල ජනය ඒ ලෙසටම හැඩ ගසුනා
…කලක් ගිහින් …මිනිසුන් හෙම වෙනස් වුනා
ඒක නිසා වෙනසක් වෙත එය හැරුනා

…වසර පුරා වෙහෙසීලා වැඩ කරන
…හැම වෙනසකට කෙටි කලෙකින් හැඩ ගැසෙන
…පාලකයන් කල යුතු දේ ගැන සොයන
…කලකදි තමයි දෙවියොත් අප දෙස බලන 

Friday, September 14, 2012

පසු බසිනු එපා...

පලමුවම මවුබිමේ සරනයි
සෑම පැතුමන් වලම පිහිටයි
අපව දන්නා අපේ පොලවයි
අපේ කොල්ලන් හටම ජය දෙයි

පසු බසිනු එපා
නවතන්න එපා
ඉදිරියක් සිතා
යලි හැරෙනු එපා

ලොවට උතුම් සිරිලකයි
ඒ ඔබේ මවු බිමයි
අප සැමට හිමි අපෙ රටයි
ඒ ඔබේ මවු බිමයි

.

සිරිලක් ලේ වල ශක්තිය පෙන්නා
උපතින් ගෙන ආ දස්කම් දක්වා
දිනනුමැන ලොව අපෙ හැටි පෙන්නා
දස්කම් විස්කම් සැමවිට දක්වා





පන්දුව පිත්තෙන් දස්කම් දක්වා
සිරිලක් විරුවන් මේ ලොව දිනනා
සිංහයන් සේ ජයනද නගනා
දිනයක් වෙනුවෙන් අප සෙත් පැතුවා



එකෙක් ලෙස අප සවොම සිටගමු
හදේ රිද්මය එකට දන්වමු
ලොවට අප ගැන කියා දෙන්නෙමු
විස්ස විස්සෙන් ලොවම ජයගමු

Saturday, September 8, 2012

ඔහු විරුවෙක්

සිතේ සවිබල පයට බෙදුවා
…ජයග්‍රහනය බලා දිව්වා
…රටක් වෙනුවෙන් තැනක් දිනුවා
…රටේ නාමය ලොවට කියුවා

…අතක් දුන්නෙත් රටම වෙනුවෙනි
…දෙපයෙ ශක්තිය රටේ නාමෙනි
…රටක් වෙනුවෙන් සතුට ගෙන දුනි
…සදා  නොමැකෙන වීරයෙක් වුනි 

Sunday, September 2, 2012

ඔහු වැරදිද?

කෙලෙස කියමි මම මුදලක් භූමියට
…මට තනි අයිතිය නැති මේ සිසිලසට
…අප දිවි රැකදුන් ගංගාවේ හඩට
…මුදලක් ගනු බෑ හිත් පිත් ඇති මෙමට

…මවක් සේම භූමිය අප රැක දෙනවා
…සොබාදහමෙ අප මිනිසුන් රැදවෙනවා
…සොබාදමට කරනා දෙය කැරකෙනවා
…වනසන්න එපා ලොව එය ඔබ විදවනවා