Friday, May 25, 2012

ගිනි හා දුම්

ගින්නක් නැති කල දුමක් නගින්නැහැ
ගිනි දුම් නැති ලොව කොහොමද දන්නැහැ
බටයෙ වරදට ගිනි වරදක් නැහැ
වැටියෙ වරදට දුම වැඩකට නැහැ

ගිනි බටයෙන් මිලියන දිවි මැරෙනව
දුම් වැටියෙන් මිලියන දිවි ගෙවෙනව
ගිනි දුම් උඩ අද ලේකය දැවෙනව
දුම් ගිනි වැරදිව මිනිසුන් ගන්නව

Friday, May 18, 2012

යුද්ධය නිමා විය!

තිස් වසරක් තිබිණි මගෙ රට කදුලින් නැහැවී
උතුරෙ බලය අධමයෙතුන් අතපත්වී
දිවයින පුරා ජනයා සිටියෙ බියවී
ත්‍රස්තය නිසා වටිනා ජීවිත නැතිවී

මුළු රට පුරා යුද ගිනිදැල් පැතිරෙනවා
වටිනා කියන ජීවිත හෙම නැතිවෙනවා
මරුවට බයෙ මිනිසුන් ජීවත් වෙනවා
මෙහි අවසානෙ සොරොව්වකින් අැරදෙනවා

මාවිල්අාරුවෙන් ගමනක් අරඹනවා
නන්දිකඩාල් අවසානෙට නම් වෙනවා
විරුවන් දිවිපුදා සිරිලක රැක දෙනවා
යුද්ධය නිමා වී සාමය යලි ඒනවා

Saturday, May 12, 2012

කොස් ගස නාකිද?

දෙනේ දහකට සෙවණ සැදුවා
බොහේ දෙනෙකුට ඵලය බෙදුවා
කොස් පොලොස් වරකාද කෑවා
දැන් ඵලක් නෑ ලී වලට ඉරුවා

පොරව කියතෙ හඩක් නැගුනා
ගසෙ කෙදිරිලි හඩද මැකුණා
කුරුළු රෑනෙන් මල බෙරය වැයුනා
අප නොදත් දෙ උන්ට දැනුනා

Tuesday, May 8, 2012

භෞතික හා අාකල්ප ප්‍රහාර

       අප සැම දන්නා පරිදි අැමෙරිකානු අාක්‍රමණ,පහරදීම් භෞතික ස්වභාවයක් ගනී.කෙතරම් දරුණු යුද මෙවලම් භාවිත කලද ඒම  පහරදීම් වලට ගොදුරු වන රටවල් යලි දියුණු වෙ.උදාහරණ ලෙස ජපානයද,වියට්නාමයද දැක්විය හැක.
       ඒහෙත් ඒංගලන්ත අාක්‍රමණ වලින් පසුව අැති රටවල් වල දියුණුව මන්දගාමී වීමට අාකල්ප වලට ඒල්ල වන ප්‍රහාර හෙතු වනවා විය යුතුයි.මීට හොදම උදාහරණය අපෙ රටයි....  

Saturday, May 5, 2012

වෙසක් පැතුම

මුළු ලොව වට සාමය පැතිරෙවා
සැම දන සිත් මේහය සමු දෙවා
බුද්ධියෙ අාලොකය ලොව පුරවා
රටට ලොවට තුන් සරණ ලැබෙවා

Wednesday, May 2, 2012

සයුර

රැල්ලෙන් නොදකින ඉමක් අැති
රැල්ලෙන් නොනැසෙන ගැබුර අැති
මිහිපිට සතහට අහර දෙති
සයුරෙ සතහට සෙවණ දෙති

මනුසත් ජීවිත රැක දෙන්න
මනුසත් ජීවිත අැද ගන්න
පුදුමද සයුරට හැකි වෙන්න
මිනිසුන් කල දෙ කැරකෙන්න