Friday, October 12, 2012

අපේ ලෝකය....


…හිරුගෙ සිට තුන් වෙනුව පිහිටුන
…නීල කොල වර්නයෙන් බැබලුන
…සොදුරු බවනම් නිතර කියවුන
…අපේ ලොවමයි ජීවෙ නිවහන

…දියුනු බව ලොව කියපු මනුසත්
…බිහිවුනා ලොව සෑම දෙසකත්
…මොලය දියුනුය ඔවුන් කීවත්
…ඇත්ත ලෙස දියුනුවද සැක ඇත්

…බලය වෙනුවෙන් මරා ගන්නා
…ක්‍රෝධ වෙරය දසත හලනා
…සොබා දහමද වෙනස් කරනා
…මෙවන් මිනිසුන් කුමට උපනා

Monday, October 8, 2012

ඒකත් ඉවරයි


මුල සිටම ගැහුවා පහර
…එකක් පැරදී දිනුව නිතර
…දිනිය හැකි බව පෙන්ව මෙවර
…දෙවන තැන විය වරට හතර

Sunday, September 30, 2012

ජීවය එයයි ...

ගහපු පාරක් මුහුනෙ වැදුනා
වැදුනු පාරට ලේත් ගැලුනා
කුමක් වූයෙද කියා ඇසුනා
"අනේ මට එය ගිලිහි වැටුනා"

…නැවත පන්දුව අතට ගත්තා
…"අකිල" කියමින් හඩක් නැගුනා
 නැවත එලෙසම පන්දු යැව්වා
…ඕනෙ විටදී කඩුලු ගත්තා

Sunday, September 23, 2012

සොබා දහම වෙනස් වුනා...

නියම කලට වැසි වස්සා සරු කෙරුනා
…එකල ජනය ඒ ලෙසටම හැඩ ගසුනා
…කලක් ගිහින් …මිනිසුන් හෙම වෙනස් වුනා
ඒක නිසා වෙනසක් වෙත එය හැරුනා

…වසර පුරා වෙහෙසීලා වැඩ කරන
…හැම වෙනසකට කෙටි කලෙකින් හැඩ ගැසෙන
…පාලකයන් කල යුතු දේ ගැන සොයන
…කලකදි තමයි දෙවියොත් අප දෙස බලන 

Friday, September 14, 2012

පසු බසිනු එපා...

පලමුවම මවුබිමේ සරනයි
සෑම පැතුමන් වලම පිහිටයි
අපව දන්නා අපේ පොලවයි
අපේ කොල්ලන් හටම ජය දෙයි

පසු බසිනු එපා
නවතන්න එපා
ඉදිරියක් සිතා
යලි හැරෙනු එපා

ලොවට උතුම් සිරිලකයි
ඒ ඔබේ මවු බිමයි
අප සැමට හිමි අපෙ රටයි
ඒ ඔබේ මවු බිමයි

.

සිරිලක් ලේ වල ශක්තිය පෙන්නා
උපතින් ගෙන ආ දස්කම් දක්වා
දිනනුමැන ලොව අපෙ හැටි පෙන්නා
දස්කම් විස්කම් සැමවිට දක්වා





පන්දුව පිත්තෙන් දස්කම් දක්වා
සිරිලක් විරුවන් මේ ලොව දිනනා
සිංහයන් සේ ජයනද නගනා
දිනයක් වෙනුවෙන් අප සෙත් පැතුවා



එකෙක් ලෙස අප සවොම සිටගමු
හදේ රිද්මය එකට දන්වමු
ලොවට අප ගැන කියා දෙන්නෙමු
විස්ස විස්සෙන් ලොවම ජයගමු

Saturday, September 8, 2012

ඔහු විරුවෙක්

සිතේ සවිබල පයට බෙදුවා
…ජයග්‍රහනය බලා දිව්වා
…රටක් වෙනුවෙන් තැනක් දිනුවා
…රටේ නාමය ලොවට කියුවා

…අතක් දුන්නෙත් රටම වෙනුවෙනි
…දෙපයෙ ශක්තිය රටේ නාමෙනි
…රටක් වෙනුවෙන් සතුට ගෙන දුනි
…සදා  නොමැකෙන වීරයෙක් වුනි 

Sunday, September 2, 2012

ඔහු වැරදිද?

කෙලෙස කියමි මම මුදලක් භූමියට
…මට තනි අයිතිය නැති මේ සිසිලසට
…අප දිවි රැකදුන් ගංගාවේ හඩට
…මුදලක් ගනු බෑ හිත් පිත් ඇති මෙමට

…මවක් සේම භූමිය අප රැක දෙනවා
…සොබාදහමෙ අප මිනිසුන් රැදවෙනවා
…සොබාදමට කරනා දෙය කැරකෙනවා
…වනසන්න එපා ලොව එය ඔබ විදවනවා

Wednesday, August 29, 2012

ඇයි රට පස්සට අදින්නේ....

අපේ රටේ නම ලොවට කියන්නට
…අලුත් අලුත් දේ ලොවට බෙදන්නට
…අනාගතේ රට සරසාලන්නට
…වැරදි තීරනත් ඇයි ඒ සිසුනට

…ඇමති වරුන්ගේ මොල පෑදේවා
…නිවැරදි උගතුන් මෙහි බිහි වේවා
…අනාගතේ රට සුන්දර වේවා
…වෙච්ච වැරදි කිසි කලෙක නොවේවා

Wednesday, August 22, 2012

පරමනුවට මෙහෙම හිතෙයිද?

මගෙන් වැඩ අරගන්න සමහරුන් දගලනව
…මාගැන බලමින්ම සියවස්ද  ගෙව යනව
…මගෙන් ලොව වනසන්න තව අයත් වෙහෙසෙනව
…ලොවම බය කරගන්න අනේ මට සිදුවෙනව

…ලොවට හොදින් කරුනාවෙන් සලකන්න
…හැම දෙයකින්ම හොද ප්‍රතිපල වෙත යන්න
…රටට ලොවට විය යුතු දේ සලකන්න
…සරල ලෙසින් ඉන්නට සිතටම ගන්න

Wednesday, August 15, 2012

SLPL ඇරබුනා.....

රුහුනු රටේ වැඩ කාරයො වේගෙන් එනවා
…හිරු නැගෙන දෙසින් නාගයො මෙහි සටන් කරනවා
…උතුරු කරේ එන පන්දුව ඇබරී යනවා
…වයබ පිලෙත් අඩුවක් නෑ සටනට එනවා

…හිරු බසින දෙසේ තනි වැඩකරු සටනක් දෙනවා
…ඌවෙ එකෙක් ගහන පාර එලියට යනවා
…කඩුරට හේවායො සටන කරගෙන යනවා
…ඇරබුම නියමයි දිගටම කරගෙන යනවා

Wednesday, August 8, 2012

ගුරුතුමනි ඔබයි ලොව වෙනස් කරේ....

ගුරුතුමනි ඔබයි හොද නරක කිව්වේ
…ගුරුතුමනි ඔබයි සිප් සතර කිව්වේ
…ගුරුතුමනි ඔබයි මේ ලොවම මැව්වේ
…ලොවම ඔබදුන් දැනුම සෙව්වේ

…ලොවට රටට සේවය කල මිනිසුන්
…දැනුම ලබාගති ඔබ නම වෙනුවෙන්
…ලොවම ත්‍රස්ත කල ආයුධ වෙනුවෙන්
…දැනුම ලබා දුන්නෙද එක සිතකින්

Wednesday, August 1, 2012

ඔබ විරුවෙක්ද...?

නොහැක නොහැක ලෝකය අති සුවිසල්ය
…ජය යනු තරුවකින් ලැබෙනා වරමක්ය
…එලෙස සිතන ඔහු සැමදා එක තැනය
…ඔහුට ලැබුනු මනුසත් බව පල නැතිය

…වැටි වැටි නැගිට ඉදිරියටම පිය මනින
…බාධක හමුවෙ අළුතෙන් සිත වෙහෙසවන
…සුවිසල් ලොවට ඇසෙනා ලෙස හඩ නගන
…ඔහු හට හැකිය නොමැරෙන විරුවෙක් වෙන්න

Saturday, July 28, 2012

ක්‍රීඩාවේ අදුරුම දින දෙක...

ත්‍රස්තවාදය අන්තර්ජාතික ක්‍රීඩාපිටිය ආක්‍රමනය කල දින දෙක ගැන මතක් උනේ මහා ක්‍රීඩා සැනකෙලිය ඔලිම්පික් ඇරබුනු නිසයි....

…1972 මියුනික් ඔලිම්පික් - පලස්තීන ගරිල්ලන් විසින් ඊශ්‍රායල් ක්‍රීඩකයන් ඝාතනය කිරීම.ඊශ්‍රායලය හා පලස්තීනය අතර අර්බුද වල ප්‍රතිපලයකි.අද වන විටද ඊශ්‍රායලය සිදුකරන බොහෝ දේ අනුමත කල නොහැකි වූවද ක්‍රීඩාවත් දේශපාලනයත් දෙකක් බව තේරුම් ගත යුතුය....

…2009 ලාහෝර්- ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට පහර දීම.වාසනාවට ක්‍රීඩකයන්ට ජීවිත හානි නොවුනත් කිහිප දෙනෙක් ආබාද වලට ලක් වුනා.පකිස්තාන ආරක්ශක බටයන් පස් දෙනෙකු මිය ගියා.මෙයත් ත්‍රස්තවාදිය යනු ඔලමොට්ටලයෙකු බව පෙන්වන සිද්දියක්....

…ක්‍රීඩාවේ ජීව ගුනය සුරැකේවා.....
…මෙවන් විපත් පිටියක යලි නොම වේවා.....

Sunday, July 22, 2012

ලෝකය ඉවර වෙයිද....

මිනිසුන් මරා ගන්නව ලොව හැම තැනම
…තම වාසිය තකා කරනව හැමදේම
…ඇතිනම් ලොවම මේ ලෙසටම හැමදාම
…නැසෙනව හොදයි මනුසත් ගති නැති ලොවම

…සොබාදහම වෙත හරියට සලකන්න
…මනුසත් ගතිය මුලු ලොව තුල පතුරන්න
…භේද නොවී සැම එක්වී සිටගන්න
…අනාගතේ ලොකය සුන්දර වෙන්න 

Saturday, July 14, 2012

මට නැති ඡන්දය ගැන මට හිතෙන දේ ...

රටේ වසන බොහෝ දනා
…මවත් පියත් දුන් බැවිනා
…පාට පාට ගලපමිනා
…කතිරය දෙයි නොබලමිනා

…රටේ අනාගතය මොටද
…රටේ කෑලි කොහෙට යයිද
…ආර්තිකය හිට ගනීද
…ඡන්දෙට එය වැඩක් නැත්ද

Saturday, July 7, 2012

ගල් වඩුවානනේ ඔබ කොහිද ...

වඩුවානනේ ඔබ කල බුදු රුව මනරම්
…පුදුමයි ගලන්නැහැ මේ මුවගින් සදහම්
…දෑසින් පෙනෙයි මෙත් මුදිත ගුන මනරම්
…ඔබගේ නිවන මෙලෙසට වූවද කැටයම්

…සිංහල හාලෙ ශක්තිය මට දැනගන්න
…සංකල්පනා තුල බලයද පෙන්වන්න
…දහසක් වසට පෙර යුගයක මෙහි උන්න
…ඔබ හට හැකි වුනා අද මගෙ ගුරු වෙන්න

…ඉතිහාසයට අමතකදෝ ඔබේ නම
…කාලය සමග ලියවුනි ඒ රජුගෙ නම
…කෙලෙසින් ඔවුන් මග හැරියද හපන්කම
…පොතකට නොවේ හද තුලටම කියමි මම

…සිටින ලොවක සිට අද ඔබ අහගන්නේ
…සිරිලක් පොලවෙ අභිමානය රැව්දෙන්නේ
…ඔබගේ හපන්කම අභිමන් ගෙනදෙන්නේ
…පොතේ නැතත් හද තුල ඔබ සැමරෙන්නේ

වඩුවානන්ට මේ කවි පද ඇසුනානම්
…ඔහු දෙන පිලිතුරත් කෙලෙසද දන්නේ නම්

…දහසක් වසට පෙර යුගයක ලක උන්න
…මම වෙමි වඩුව නොකියමි තැන මා ඉන්න
…කල යුතු යුතුකමත් කෙරුවෙමි වෙත දෙරන
…මට නම් ඔඅනෙ නැහැ මගෙ නම ලියවන්න

…ඔබගෙ ගුරුත් මා නම් ඔබ අහගන්න
…සිංහල හාලෙ ශක්තිය ඔබ දැන ගන්න
…සංකල්පනා වල බලයෙන් වැඩ ගන්න
…ඔබේ නිවන ඔබ කැටයම් කර ගන්න

…ඔබ හට සුවය බුදුරුවකින් ලැබුනානම්
…සිරිලක නාමෙ මා හින්ද රැව්දේනම්
…ජන හද තුලට සංවර බව ගෙන ඒ නම්
…ඒ මට ඇතියි ඉටිහාසෙට අමතක නම්

…දේශෙට ලොවට විය යුතු දේ සලකන්න
…ඇගයුම ගැන එපා ඔබ සිත වෙහෙසන්න
…කාගෙත් සතුට වෙනුවෙන් ඔබ වෙහෙසෙන්න
…කොලයක නැතත් හදවත් තුල නොමැරෙන්න

Saturday, June 30, 2012

43*

පිටියෙ දස අත පන්දුව යැව්වා
…පන්දු යවන්නන් තව වෙව්ලනව
…ජය ගෙන දුන් ඔබ විරුවෙක් වූවා
…රට වට ජයගොස නිතරම නැගුවා

…අද දිනට (ජුනි 30) සුපිරි පිතිකරු සනත් ජයසූරියගෙ 43 වන උපන් දිනය වෙනුවෙනි ....

Saturday, June 23, 2012

කලකට පසුව අපි කුසලනය දින්නා

පලවෙනි තරගෙ වැස්ස මැදින් පරද වුනා 
…දෙකද තුනද හොද හැටි වැඩකිඩ කෙරුනා
…අන්තිම එකත් සටනක් දී ජය ගැනුනා
…කලකට පසුව අපි කුසලානය දින්නා

දමපු පන්දුත් විශිෂ්ටයි
…ගහපු ශතකය අනර්ගයි
…දුන්නු සටනත් උපරිමයි
…නායකත්වය විශේශයි

Saturday, June 16, 2012

ඩෙංගු ලෙඩට ඒරෙහි ඒන්නතක්...

වටිනා දිවි හුග නිවුනා
හද දින දින සොව පිරුනා
කාලය මෙලෙසට ගෙවුනා
පුවතක් අැත සතුට ගෙනා

මහාචාර රට දන්නා
රට වෙනුවෙන් ඒය කෙරුනා
ටික කලෙකින් බෙහෙත ඒනා
වයිරසයට වැඩ පෙන්නා

Sunday, June 10, 2012

හෙට හිරු නැගෙන විටදී....

හෙට හිරු නැගෙන විටදී
ලොවම දුව යයි තරගෙකදී
ලේකය වෙනස පෙරළ යද්දී
අපෙ වෙගය අපට අැයි මදි

වෙනස ඔනෙය දියුණුවට
ඒකට සිටගයි ඒවිට ලේකෙට
ලොවම දුව යන තරගයට
ජය පරාජය හිමිද කා හට

Saturday, June 2, 2012

අප බාර ද්‍රොහියෙක්ටද?

රාම රාවණ යුද්දය
පාවා දුන්නෙ ඔහුමය
ඔහුට රට බාරය
කියන උං අනෙ මේඩය

ඉතිහාසය පුරාවට
පාවාදුන්න මව් රට
මෙහෙම අය සිටි විට
අනෙ නැගෙවිද අපෙ මව් රට

Friday, May 25, 2012

ගිනි හා දුම්

ගින්නක් නැති කල දුමක් නගින්නැහැ
ගිනි දුම් නැති ලොව කොහොමද දන්නැහැ
බටයෙ වරදට ගිනි වරදක් නැහැ
වැටියෙ වරදට දුම වැඩකට නැහැ

ගිනි බටයෙන් මිලියන දිවි මැරෙනව
දුම් වැටියෙන් මිලියන දිවි ගෙවෙනව
ගිනි දුම් උඩ අද ලේකය දැවෙනව
දුම් ගිනි වැරදිව මිනිසුන් ගන්නව

Friday, May 18, 2012

යුද්ධය නිමා විය!

තිස් වසරක් තිබිණි මගෙ රට කදුලින් නැහැවී
උතුරෙ බලය අධමයෙතුන් අතපත්වී
දිවයින පුරා ජනයා සිටියෙ බියවී
ත්‍රස්තය නිසා වටිනා ජීවිත නැතිවී

මුළු රට පුරා යුද ගිනිදැල් පැතිරෙනවා
වටිනා කියන ජීවිත හෙම නැතිවෙනවා
මරුවට බයෙ මිනිසුන් ජීවත් වෙනවා
මෙහි අවසානෙ සොරොව්වකින් අැරදෙනවා

මාවිල්අාරුවෙන් ගමනක් අරඹනවා
නන්දිකඩාල් අවසානෙට නම් වෙනවා
විරුවන් දිවිපුදා සිරිලක රැක දෙනවා
යුද්ධය නිමා වී සාමය යලි ඒනවා

Saturday, May 12, 2012

කොස් ගස නාකිද?

දෙනේ දහකට සෙවණ සැදුවා
බොහේ දෙනෙකුට ඵලය බෙදුවා
කොස් පොලොස් වරකාද කෑවා
දැන් ඵලක් නෑ ලී වලට ඉරුවා

පොරව කියතෙ හඩක් නැගුනා
ගසෙ කෙදිරිලි හඩද මැකුණා
කුරුළු රෑනෙන් මල බෙරය වැයුනා
අප නොදත් දෙ උන්ට දැනුනා

Tuesday, May 8, 2012

භෞතික හා අාකල්ප ප්‍රහාර

       අප සැම දන්නා පරිදි අැමෙරිකානු අාක්‍රමණ,පහරදීම් භෞතික ස්වභාවයක් ගනී.කෙතරම් දරුණු යුද මෙවලම් භාවිත කලද ඒම  පහරදීම් වලට ගොදුරු වන රටවල් යලි දියුණු වෙ.උදාහරණ ලෙස ජපානයද,වියට්නාමයද දැක්විය හැක.
       ඒහෙත් ඒංගලන්ත අාක්‍රමණ වලින් පසුව අැති රටවල් වල දියුණුව මන්දගාමී වීමට අාකල්ප වලට ඒල්ල වන ප්‍රහාර හෙතු වනවා විය යුතුයි.මීට හොදම උදාහරණය අපෙ රටයි....  

Saturday, May 5, 2012

වෙසක් පැතුම

මුළු ලොව වට සාමය පැතිරෙවා
සැම දන සිත් මේහය සමු දෙවා
බුද්ධියෙ අාලොකය ලොව පුරවා
රටට ලොවට තුන් සරණ ලැබෙවා

Wednesday, May 2, 2012

සයුර

රැල්ලෙන් නොදකින ඉමක් අැති
රැල්ලෙන් නොනැසෙන ගැබුර අැති
මිහිපිට සතහට අහර දෙති
සයුරෙ සතහට සෙවණ දෙති

මනුසත් ජීවිත රැක දෙන්න
මනුසත් ජීවිත අැද ගන්න
පුදුමද සයුරට හැකි වෙන්න
මිනිසුන් කල දෙ කැරකෙන්න

Thursday, April 26, 2012

හෙළ පැදි සාහිත්‍යය

පද මිණි කැට අමුණා
කවි මාලය ගෙතුණා
හෙළ සාහිත ගෙල දැමුණා
ඒය තාලයකට දිලුණා

හෙළ ජන හද ගති කිව්වා
හැම තැන වරුණා කෙරුවා
උතුම් රටක් බව දන්වා
ජන හැගුමන් කවි වූවා

Sunday, April 22, 2012

වැඩකරුවෙක් පමණයි...

වැඩකරුවෙක් පමනයි වීරයෙකු නෙවෙයි
රටෙ ක්‍රිකට් නැතිනම් ඔහු බේක්කුව උඩයි
කොලෙට විතරයි රටෙ නම නෙවෙයි
ඒහෙට වෙලා හිටපන් මෙරට තොගෙ නෙමෙයි

ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂෙප කරයි...
  Sunday Times

Thursday, April 19, 2012

ජාතික සමගියෙ සළකුණ ඔබයි..

අප රට ගැන මුළු ලොවට කියාදුන්
රටෙ සමගියෙ අරුත කියාදුන්
ලොවෙ පිතිකරු සැවොම බයකරන්
අපෙ වැඩකරු මුරලිදරන්

පසුගිය 17 වන දිනට යෙදී තිබුනබ මුරලිදරන්ගෙ උපන් දිනය වෙනුවෙනි.

Saturday, April 14, 2012

රාවණා රජ

රණශූර බලවීර හෙළයෙ පියා
දුක කිමද පොත් වලට අමතක නියා
තුන් හෙළයෙ සැම හදක අැත ඔහු ලියා
සිහළුනි සිටගන්න ඔහු මග කියා

 වෙදකමට ඔබ ශූර බව දත් නිසා
දස බලය පිරි බවට ඔබ නම නිසා
ලොව ඒකළු කළ ඔබද අපගෙ නිසා
රජතුමනි යළි බලන අපරට දෙසා

Thursday, April 12, 2012

අවුරුදු පැතුම

සුදුස්සාට සුදුසුම තැන ලැබීයන්
සිරිලක පුරා සැම අටු කොටු පිරීයන්
දුප්පත් කමත් දින දින දුරුවී පලයන්
සිරිලක සිරිය දින දින අනෙ වැඩිවීයන්

20/20 කුසලානය හිමි වෙවා
ඔලිම්පිකෙ පදක්කමක් හිමි වෙවා
නිරොගි කමත් සිරිලක අපෙ පැතිරෙවා
ලොකය දිනන්නට නව දෙ බිහිවෙවා

අද්‍යාපනෙ සැම දොස් අනෙ දුරු වෙවා
අනාගතය වෙනුවෙන් ඒය සිදු වෙවා
ලොකය වටා සාමය අනෙ පැතිරෙවා
ඔබ සැම හට අවුරුද්දම ජයවෙවා
 

Tuesday, April 3, 2012

උල්පත් සිදිලා

ඒදා සුද්දන් වාසි බලලා
තෙ ගසින් කදුකරය වසලා
කරපු ගොවිතැන කාලෙ බලලා
වතුර උල්පත් සමග සිදිලා

මහා වනයම දිවිය වෙනුවෙන්
තෙ ද පයිනස් සල්ලි වෙනුවෙන්
දිවිය මොකටද සල්ලි යනුවෙන්
හඩන මිනිසුනි නැවත සිතපන්

Wednesday, March 28, 2012

යුතුකම

ඒඩිතර ලෙසින් දෙපයෙන් සිටගෙන ඉන්න
නිවැරදි දෙයට කවදත් අත ඔසවන්න
වැරදි දෙයක් දුටු විට හඩ නංවන්න
ඉපදුනු රටට යුතුකම ඉටුකරලන්න

රට වෙනුවෙන්ම සැමදා ඔබ වෙහෙසෙන්න
සිරිලක නගන්නට ඔබ සිත යොදවන්න
අප රට ගැනම මුළු ලොවටම හඩ නගන
සිරිලක් බිමෙ සිංහයකුන් ලෙස ඉන්න

අපෙ දෙයින් ඔබ ලොකය ජය ගන්න
අළුත් දෙයින් මෙ සිරිලක නංවන්න
ඒකමුතු කමෙ පාලම හරිහැටි හදන
සිරිලක් බිමෙ විරුවකු ලෙස නම් වන්න

Tuesday, March 27, 2012

මහනුවර

රට වට සිසිළස බෙද දුන්නා
මහ ගංගාවෙන් රැක දුන්නා
කදුකර අසිරිය ලොව දන්නා
මහනුවරයි දෙව් ලොව සමනා

දළදා සමිදුගෙ පිහිට ලැබෙවා
තව විරුවන් නුවරින් බිහිවෙවා
සිරිලක වෙනුවෙන් දෙවියො රකිත්වා
නිවැරදි පාලකයෙක් බිහිවෙවා

Thursday, March 22, 2012

සීගිරිය

මහ වන මැදින් ඒසවී අැති පර්වතය
කසුප් රජුන් ඉදිකළ රජ මන්දිරය
සිතුවම් පෙලත් ජල උයනත් මනහරය
මෙලෙසින් දිලෙයි ලොව සුපතල සීගිරිය

පින්සල් තුඩින් සුන්දර රුව මතු කරවා
හෙලයෙ කලා කරුවන් ලේකෙට කිව්වා
ජලමල් පෙලින් උයනක සිරි මතු කරවා
සීගිරි ගලත් ඉතිහාසෙට ඒක් කෙරුවා

Tuesday, March 20, 2012

Blog Cricket

අද ලිපිය හෙලයෙක්ගෙන් ලොවට බ්ලොග් ඒකෙන් යොජනා වූ ක්‍රීකට් තරගාවලිය ගැන දැන්වීමටයි.මෙයට ඒක් වීමට කැමති අය ඉන්නවනම් පහත ලිපිනයැති සයිටයෙන් ඒක්වන්න.
www.helayekgen.info

Friday, March 16, 2012

සැබෑ විරුවකු ගැන...

1948 දී අප මව් රටට ලැබුනු පරෙවි නිදහසින් පසුවද බටහිර ජාතීන්ගෙ අත තිබෙන රූකඩ වන් අපට ඒස්.මහින්ද හිමියන්ගෙ සමාජීය පණිවිඩ අදටත් අගනෙය.උන්වහන්සෙ අපවත් වී අදට වසර 61ක් වීම නිසාවෙන් උන්වහන්සෙගෙ කවි 2ක් ඉදිරිපත් කරමි.
   
සහන ලැබෙන තුරු ලංකාදීපයට
ගහන ගැහිලි හමුවෙහි සිහ වෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදරියට
මහණ කමත් බණ දහමත් ඒයයි මට

උපන්නෙ පුතෙක් වී උබ ලක් මවට
කරන්නට නොවෙද සෙවය අැගෙ නමට
ඉතින් ඒගැන නොතකා නිසිවක් නොකොට
මැරෙන්නට හිතන උබ පවිටෙකි නිවට


Monday, March 12, 2012

වඩුවාණනෙ,

බැතිබර පැතුම් උතුරා ගිය හදවතට
දස්කම් සපිරි ඉවසිලසමත් දෑතකට
දැඩිබව පිරුණු සුවිසල් පර්වත වලට
පුදුමයි හැකිවුණා බේසත් ගුණ දෙන්ට

සැබෑ බුදුන් නොදුටුව අැති සැම නෙතට
කරුණා ගුණෙ සිසිළස පුද කර ලන්ට
සැදැහැ සිතෙහි භක්තිය උතුරා යන්ට
කෙලෙසින් අාවෙ බුදුනගෙ රුව ගල් වලට

Thursday, March 8, 2012

නැවත අනුශූරතාවය

පලමු තරගය පැරදිලා අනෙ කඩුලු හතරෙන්
දෙවනි තරගය පැරදුනා අප ලකුණු පහකින්
තෙවනි තරගය නිමව තිබුනා ලකුණු සමයෙන්
හතර දින්නා හිතාගන්නට බැරිම විලසින්

පස්වැනිය ජයගෙන පනස් අටකින්
හයවැනිය දින්නා කඩුළු හතරෙන්
හත්වැනිය කෑවද නොහිතු විලසින්
අටවැනිය දින්නා ලකුණු නවයෙන්

කුලෙගෙ සටනත් අඩුව වැටුනා
දෙවනි අවසන් තරගෙ දිනුවා
තෙවනි තරගෙදි සිහින බිදුනා
ඩිලා සැමටම විරුව වූවා

Wednesday, February 29, 2012

පිටරට දෙය ගන්න ඒපා

ලින්ක් රොටේමැක් පිරිලා විකුණනවා
අැට්ලස් රිචඩ් වෙළදාමත් අඩුවෙනවා
ඉන්දියාව මෙහෙ වෙළදම් අල්ලනවා
අඩුවට දෙමින් වැඩ දාලා විකුණනවා

පිටරට දෙයට කවදත් හිස නමන්නෙපා
සිරිලක හදන දෙය පිටකින් ගන්න ඒපා
පෑනක් අරන් දහයක් පිට යවන්නෙපා
සිරිලක  දෙයට දෙන තැන අඩු කරන්නෙපා

Wednesday, February 22, 2012

සේමාලි කරදරය

මතකද  පැරකුම්බා රජ පෑ විරු
ඒක කතකට බුරුමෙට කල අනතුරු
ධීවර නාවික හට වන අනතුරු
නොදකින්නෙ අැයි මෙ රට ලොකු විරු

යුද්දය අවසන් විරුවන් ඉන්නෙ
වැඩ කරනට උඩ බලමින් ඉන්නෙ
චීනෙත් අැත්නම් ඒකතුව යන්නෙ
ලොවට හොදයි උන් මරල දාන්නෙ

Thursday, February 9, 2012

හෙල වෙදකම

වසර පන්දහක් මෙරටෙ ගොඩනැගුනු
මනුසත් බවෙ වෙදකම නම පටබැදුනු
හෙල වෙදකමෙන් දුරු රේ දරුනු
වසර දෙසීයෙන් ඒය වැලළුනු අයුරු

පිටරට වලින් ඒන හැම දෙය ගිලගත්තා
රසායනය අසමින් පෙති අරගත්තා
හැම විටකදිම නැති වුන දෙය දැනගත්තා
මහකැලයක්ම වනසා අබ අැට ගත්තා

Thursday, February 2, 2012

සිරි සුමගල හිමි

නිදහස නැති වූ දින සිහනද නැගූ හිමි නම......

අප රට නමටම සිහනද විලසින්
කුමරෙකු ඉපදුනි සිරිලක වෙනුවෙන්
ශාසන රැකුමට පැවිදිව ඉදිමින්
අමතක නැත ඔබ පෑ ඒ විකුමන්

මෙ සිරිලක අපගෙ යැයි ගයමින්
කාටවත්ම නොදෙනා බව කියමින්
සැබෑ සිහළෙකුන් ලෙසකට සිතමින්
අා ඒ හිමි නම සැම දින නමදින්

සුද්දන් පුදුමෙන් තවමත් වෙව්ලයි
ඒංගලන්තෙ කොඩි පහලට පැමිනෙයි
අප රට තවමත් තොපට හිම් නැතැයි
මොහොතින් සිහ කොඩියක් ඒහි ලෙලදෙයි

හමුදාවල් මුර බටයන් අතරින්
තුවක්කු අතරින් ඒඩිතර විලසින්
සිංහයකු සෙ පෙරටම අැවිදින්
නැගු ඒ හඩ තවමත් නැත අවසන්

සිරි සුමගල නම සිරිලක රන්දා
ශාසනෙ රැකුමට තම දිවි බන්දා
දළදා හිමියන් සැගවූ හින්දා
අප රට දිනුමට උන් හට බාදා

සුද්දගෙ නඩුවෙන් පැරදුනු ඔබ හට
දුක නෑ සිරබත වෙනුවැන් අප රට
හිමියනි අසනුය සිටින ලොවක සිට
අමතක නැත ඔබ විරුවෙකි මෙ රට

ඔබ නැගු ඒ හඩ අද නැගුනෙ නැත
රට වෙනුවෙන් හඩ නගන කෙනෙකු නැත
අප තවමත් රූකඩ වෙයි උන් අත
හිමියනි නැවතත් වඩින්න මිහිමත

Wednesday, January 25, 2012

විසදුම...

ජන කොටසකට අැයි වෙන්කරනට   කොටසක්
තව  කොටසකට අැයි දෙන්නෙ තව  කොටසක්
සැම හට ඒකට ඉන්නට අැත දැන්          දෙරණක් 
ඔක්කම ඒකට අැත්නම් මොකටද         බෙදුමක්


සැමහට තිබෙන බිය සැක හෙස දුරු            වෙවා
ලොක්කන් ලොකු රටට අැති බය නැති වෙවා
මිනිසුන් රටට අැති අැල්මත් වැඩි            වෙවා
සැමහට උරුම සිරිලක අනෙ          නොබෙදෙවා
               

Saturday, January 21, 2012

කාවන්තිස්ස රජ

ඉතිහාසයට අමතක ඔහු ගැන ටිකක් හිතන්න..

ඉවසමන් නිසි කාලෙ ඒනතුරු ඔබත් සෙනා රැස්            කරා
හදිසි ඉල්ලිම් පුතුගෙ ඉවතට සැබෑ ලෙස ඔබ විසි           කරා
පියෙකු ලෙස මහ රජෙකු ලෙස ඔබ මිනිස් දිවියත් සරු  කරා
ඔබට හිමි තැන ලැබුනෙ නැහැ මුළු සිහළ ඉතිහාසය      පුරා

හදිසි වී සටනකට යනු අැයි දෙපැත්තෙම ජනයා         මරා
ඉවසුමෙන් රට ගැන සිතා ඔබ රටක් වෙනුවෙන් වැඩ  කරා
ජාතියෙ උපහාර නොලැබුන ඔබත් විරුවෙකි රට       පුරා
ජාතියෙ පියතුමානෙනි මම ඔබට කුසුමක් පුද             කරා

Wednesday, January 18, 2012

විද්‍යාව හා තෘක්ෂණය


      ගින්දර රැගෙන රේදෙන් අා                               මාවතද?
           මුළු ලොව වෙනස් කල මිනිසුනි                         බුද්ධියද?
           පරමානුවෙන් කීවෙ                                        අවසානයද?
           මට නම් සැකයි අැත්තට මෙය                           දියුනුවද?

           දරුණු රේග ඒක බෙහෙතින් සුව                         කෙරුව                                               තොරතුරු වලින් මුළු ලේකය ඒක්                     කෙරුව   
 තාක්ෂණයමයි අායුධ වැඩි                                  කෙරුව
  හොදත් නරක අා හැටි වෙදය                            කැටුව
  
  තත්පර වලින් ලේකය වෙනසට                           ඒනවා
  තත්පර  යන්න පළමුව දැනුමත්                             ඒනවා
  තත්පර  ගනණකින් බේම්බ                            පුපුරනවා
  දියුණුයි කියන්නට බෑ සිත ලත                           වෙනවා

  වෙදය හොදයි ඉන් වැඩ හරියට                          ගන්න   
  ලේකය හොදයි ඔබ ඒහි හරියට                        ඉන්න
  මිනිසුන් හොදයි මනුසත් ගති                         පතුරන්න
  මෙ ගැන ඔබෙ සිත පොඩ්ඩක්                   වෙහෙසන්න

Saturday, January 14, 2012

ක්‍රිකට්


    අද 2012 ජනවාරි 14 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ඒක් දින තරගය.වෙනදනම් රටෙ හැම දෙනාගෙම කටෙ මෙහෙම දවසට අද මැච් ඒක කියන වදන රැදුන.ඒත් ඉතිහාසයෙ
ලංකාවෙ කණඩායම දැවුනු අඩුම ගනණට මොන මැච්ද? කියන වදන රැදෙන බව කියන්න
පුලුවන්.
    ඒ හින්ද අද ක්‍රිකට් ක්‍රීඩාව ගැන ලියන්න හිතුවෙ.ඉංග්‍රීසි අපෙ රටට පැමිණ දමා ගිය අායු-
දයක් වන ක්‍රිකට් ක්‍රීඩාව අපට හැකි දෙය ලොවට කිව්වා.ඒත් 2011 ලේක කුසලානෙන් පස්සෙ අපිව ඔසවා තියපු,අප ගැන ලොවට කියපු අපෙ ක්‍රිකට් වැටෙන්න ගත්ත.ටෙස්ට් තරගාවලි 4ක්,  ඒක් දින තරගාවලි 3ක් පැරදුන අපෙ කන්ඩායම 4වෙනි ඒක් දින තරගාවලියටත් අසාර්ථක අාරම්භයක් ගෙනාව.
    මං ක්‍රීඩකයන්ව සුද්ද කරනවා නෙවෙයි ඒත් ලොකු කාලෙකින් පඩි ලබපු නැති  කන්ඩායමක්
මෙහෙම ගැහුව අැති කියලත් හිතෙනව.මෙ  කන්ඩායමෙ IPL වරම් නැති  ක්‍රීඩකයොත් හුගක්
ඉන්නවා.ඔවුන්ට මූල්‍ය ගැටළු අැති.ඉතින් බලධාරීන් වගකීම ඉටු කරලද?
    මොනව උනත් අපි  අපෙ කන්ඩායමත් ඒක්ක ඉන්න ඔනෙ.ජයෙදි රතිඤ්ඤ දානව වගෙ පරාජෙදිත් ඒකට ඉන්න  ඔනෙ.සංග කවුඩ්රි දෙශනෙදි ‘National passion’ කියල කිව්ව ක්‍රිකට් ක්‍රීඩාව කොච්චර වැටුනත් අමතක කල යුතුදැයි ටිකක් හිතන්න.

                       අැත්තය සුද්දන් අප නැති                  කෙරුවා
                       කළු සුද්දන් උන් මෙහි අැති               කෙරුවා
                       අප රට හැමතැන  උන්                   වැනසෙව්වා
                        ඒත් උන්ගෙ අායුධ මෙහි                      තව්වා

                         අනූහයෙ හය ඉහලින්                        වැනුවා
                         පන්න පන්න අපෙ කොල්ලන්         පැලුවා
                         උන්ගෙම පිත්තෙන් උන් හම             ගැහුවා
                        සත්තය මුත්තට උන් දෙස්                   කිව්වා

Thursday, January 12, 2012

හිතන්න පටං ගමු

    ම්නිස් විඤ්ඤාණය පුළුල් හින්දා හැම දෙයක් ගැනම වැඩියෙන් හිතන්න පුළුවන්.අද ඉදන් පටං ගන්න මෙම බ්ලේග් අඩවියෙත් හිතන්න දෙයක් තියෙයි.
    ඉතිහාසය පරණ උනත් ගැනත් වෙනස් ලෙස  හිතන්න පුළුවන්.ක්රීඩාව,පෙර අපරදිග විද්යාව ගැනත් වෙනස් ලෙස  හිතන්න පුළුවන්.හැම දෙයක් ගැනම පුළුවන්.
    ඉතින් පටං ගමු වෙනස් විදිහට ටිකක් හිතමු.
                             අරබමු හිතන්නට ටිකටික වෙනස්         ලෙස
                             අරබමු දකින්නට වෙනසින් ලොවම    දෙස
                             තම හිස දෙසට මේලයෙ හරයටම        බැස
                             හැම දෙ ගැනම වෙහෙසමු තම සිත      මිනිස