Wednesday, February 29, 2012

පිටරට දෙය ගන්න ඒපා

ලින්ක් රොටේමැක් පිරිලා විකුණනවා
අැට්ලස් රිචඩ් වෙළදාමත් අඩුවෙනවා
ඉන්දියාව මෙහෙ වෙළදම් අල්ලනවා
අඩුවට දෙමින් වැඩ දාලා විකුණනවා

පිටරට දෙයට කවදත් හිස නමන්නෙපා
සිරිලක හදන දෙය පිටකින් ගන්න ඒපා
පෑනක් අරන් දහයක් පිට යවන්නෙපා
සිරිලක  දෙයට දෙන තැන අඩු කරන්නෙපා

Wednesday, February 22, 2012

සේමාලි කරදරය

මතකද  පැරකුම්බා රජ පෑ විරු
ඒක කතකට බුරුමෙට කල අනතුරු
ධීවර නාවික හට වන අනතුරු
නොදකින්නෙ අැයි මෙ රට ලොකු විරු

යුද්දය අවසන් විරුවන් ඉන්නෙ
වැඩ කරනට උඩ බලමින් ඉන්නෙ
චීනෙත් අැත්නම් ඒකතුව යන්නෙ
ලොවට හොදයි උන් මරල දාන්නෙ

Thursday, February 9, 2012

හෙල වෙදකම

වසර පන්දහක් මෙරටෙ ගොඩනැගුනු
මනුසත් බවෙ වෙදකම නම පටබැදුනු
හෙල වෙදකමෙන් දුරු රේ දරුනු
වසර දෙසීයෙන් ඒය වැලළුනු අයුරු

පිටරට වලින් ඒන හැම දෙය ගිලගත්තා
රසායනය අසමින් පෙති අරගත්තා
හැම විටකදිම නැති වුන දෙය දැනගත්තා
මහකැලයක්ම වනසා අබ අැට ගත්තා

Thursday, February 2, 2012

සිරි සුමගල හිමි

නිදහස නැති වූ දින සිහනද නැගූ හිමි නම......

අප රට නමටම සිහනද විලසින්
කුමරෙකු ඉපදුනි සිරිලක වෙනුවෙන්
ශාසන රැකුමට පැවිදිව ඉදිමින්
අමතක නැත ඔබ පෑ ඒ විකුමන්

මෙ සිරිලක අපගෙ යැයි ගයමින්
කාටවත්ම නොදෙනා බව කියමින්
සැබෑ සිහළෙකුන් ලෙසකට සිතමින්
අා ඒ හිමි නම සැම දින නමදින්

සුද්දන් පුදුමෙන් තවමත් වෙව්ලයි
ඒංගලන්තෙ කොඩි පහලට පැමිනෙයි
අප රට තවමත් තොපට හිම් නැතැයි
මොහොතින් සිහ කොඩියක් ඒහි ලෙලදෙයි

හමුදාවල් මුර බටයන් අතරින්
තුවක්කු අතරින් ඒඩිතර විලසින්
සිංහයකු සෙ පෙරටම අැවිදින්
නැගු ඒ හඩ තවමත් නැත අවසන්

සිරි සුමගල නම සිරිලක රන්දා
ශාසනෙ රැකුමට තම දිවි බන්දා
දළදා හිමියන් සැගවූ හින්දා
අප රට දිනුමට උන් හට බාදා

සුද්දගෙ නඩුවෙන් පැරදුනු ඔබ හට
දුක නෑ සිරබත වෙනුවැන් අප රට
හිමියනි අසනුය සිටින ලොවක සිට
අමතක නැත ඔබ විරුවෙකි මෙ රට

ඔබ නැගු ඒ හඩ අද නැගුනෙ නැත
රට වෙනුවෙන් හඩ නගන කෙනෙකු නැත
අප තවමත් රූකඩ වෙයි උන් අත
හිමියනි නැවතත් වඩින්න මිහිමත