රණශූර බලවීර හෙළයෙ පියා
දුක කිමද පොත් වලට අමතක නියා
තුන් හෙළයෙ සැම හදක අැත ඔහු ලියා
සිහළුනි සිටගන්න ඔහු මග කියා
වෙදකමට ඔබ ශූර බව දත් නිසා
දස බලය පිරි බවට ඔබ නම නිසා
ලොව ඒකළු කළ ඔබද අපගෙ නිසා
රජතුමනි යළි බලන අපරට දෙසා
දුක කිමද පොත් වලට අමතක නියා
තුන් හෙළයෙ සැම හදක අැත ඔහු ලියා
සිහළුනි සිටගන්න ඔහු මග කියා
වෙදකමට ඔබ ශූර බව දත් නිසා
දස බලය පිරි බවට ඔබ නම නිසා
ලොව ඒකළු කළ ඔබද අපගෙ නිසා
රජතුමනි යළි බලන අපරට දෙසා
දසබල අධිපති අප නිරිදු රාවණා දෙවිදුට උත්තමාචාරය
ReplyDeleteසැබවින්ම
Deleteකාලයට ඔබින කවියක්.
ReplyDeleteස්තූතියි...
Deleteඅපූරු කවියක්.. දුශ්ඨයෙක් ලෙස හැදින් උනත් ඒ අපේ ඉතිහාසය කියපු රජෙක්..
ReplyDeleteස්තූතියි...දුශ්ඨයෙක් නෙවෙයි ඔහු විශිෂ්ටයෙක්...
Deleteඉන්දියන් කාරයොන්ට අරහං වුණාට රාවනා අපේ වීරයෙක් ..
ReplyDeleteඅනිවාර්යෙන්ම..
Deleteහොඳ සිතුවිල්ලක්...!
ReplyDeleteඉන්දියන් කාරයෝ විනාශ කරපු තවත් විශිෂ්ට චරිතයක්...
බලයට කෑදර පහත් මිනිහෙකුට අද වෙද්දී දෙවියෙක් කියල වඳින්නත්, උතුම් මිනිහෙක්ව දුෂ්ටයෙක් කියල හංවඩු ගහන්නත් වාල්මිකී කියන පල්හොරාගේ පොත සමත් උනා....
අැත්ත..
Delete